තරුණ දරුවනි! රෝද දෙකේ ගමන භයානකයි, ප්‍රවේශමෙන් පරිහරණය කරන්න!

0
165

accident issue 1

(8.30 pm ) මීගමුව , දකුණු පිටිපන  වයස  අවුරුදු  18ක  පමණ  තරුණ    දරුවෙකු 31 දා  අලුයම  තම  යතරු පැදියෙන්  නිවස  බලා  යමින්  සිටියදී  වාහනයක  ගැටීමෙන්  කලපුවට  වැටී  මියයයි.
එසේම  2019 ජනවාරි  (02දා)  රාත්‍රි  12.00ට  පමණ  මීගමුව,  මුන්නක්කරයේ  එම  වයසේම  දරුවෙකු   තම නිවස  බලා  යමින්  සිටියදී  තලාදුව පාරේ විදුලි  කනුවක  ගැටීමෙන් මියයයි.
මේ  දරුවන්  දෙදෙනාගේ  ගමනාන්තය  මරණයෙන්  කෙලවරවීම  කණගාටුදායකය.
මේ  දෙදෙනාම තමන්ගේ  දිවිමග  සාර්ථකව  ගෙනයාම  උදෙසා  දහසක්වූ  බලාපොරොත්තු  ඇතිව  උත්සාහයෙන්  කටයුතු  කළ  තරුණයින්  දෙදෙනෙකු විය.
2018  වසර  අවසන්  වනවාත්  සමඟම  එක්  තරුණයෙකු  තම  බලාපොරොත්තු  ඉටු  කරනොගෙනම  අවසන්  ගමන්  යන  අතර  2019  නව  වසර  ආරම්භ  කරමින්  අනෙක්  තරුණයාද  ඒ  ආකාරයෙන්ම  අවසන්  ගමන්  යයි.

අධික වේගය බිමත්කම ඇතැම් රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය මේ ජිවිත බිලිගැනිමට තරම් හේතු වු කරුණ අතර වේ.
අපරික්ෂාකාරි රියපදවා ඇති මෝටර් රථයක ගැටුන ජෙනිත්  අශාන් ද  සිල්වා  නම්වූ  පිටිපන  දරුවා    කලපුවට  වීසිවී  වැටි මිය ගොස් තිබුණි.
එසේම  චාමර  තුෂාර  නම්  මුන්නක්රයේ  දරුවා  විදුලි  පහන්  කනුවේ  ගැටී  මියගියේද  අධික  වේගය  හේතුවෙනි.  ඒ බව  එම  කනුව  අවට  යතුරු  පැදියේ  කැඩී  විසිරී  තිබුනු  කොටස්  වලින්ම  අවබෝධ  කර ගතහැක. මේ  අනුව  ඔවුන්ට  තමාගේ  යතුරුපැදිය  පදවාගෙන  යාමට  සුදුසුවූ  සිහිකල්පනාවක්    නොතිබූ  බව  පැහැදිළිය.

පසුගිය දෙසැ 31 වනදා අලුයම මිගමුව දූව හංදියේදි සිදුව තිබුණ අනතුර

මේවනවිට  මීගමුව  රෝහලේ  5 සහ 6  වාට්ටු  රිය අනතුරුනිසා  තුවාල ලැබූ  අයගෙන්  පිරී  ගොස්  ඇත.වැඩි  ප්‍රමාණයක්  තුවාල  කරුවන්  යතුරු  පැදි  නිසා  බව  පොලීසිය  සඳහන්  කරයි.  එමෙන්ම  ත්‍රිරෝද රථ  , පාපැදි  වලින් ගමන්  කළ  අයද  ප්‍රතිකාර  ගන්නා  බව  රෝහල්  ආරංචි  මාර්ග  සඳහන් කරයි. මේ  තුවාල කරුවන්ගෙන් බහුතරයක්  දෙනා  තරුණ  පිරිස  වන  අතර   පොලීසියද   සඳහන් කළ  ආකාරයට  හේතුව  බීමත්  කම  බවද  පැහැදිළිවේ.   ඒ  නිසා  තරුණ  ඔබට   කීමට  ඇති  එකම  දේ  නම්  සිහිකල්පනාවක්  නැති  යකඩ ගොඩකට  ගොඩවීමේදී   ඔබගේ  සිහිකල්පනාව  තිබේදැයි  සිතා  බලන  ලෙසයි.