තලාදූවේ නීති විරෝධි පාරේ ඉදිකිරිම් නවති !

0
395

මිගමුව නාගරික කොමසාරිස්වරයා දේශපාලන ගැත්තෙක් දැයි ප්‍රශ්ණ කරමින් අප පසුගියදා පුවතක් පළකළෙමු.

එය සනාථ කරන කදිම සිදුවිමක් පසුගිය සතියේ තලාදුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මිගමුවේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ සොහොයුරෙකු විසින් තලාදුව පාරේ කට්ටි කර විකුණන ඉඩමකට මිගමුව නාගරික කොමසාරිස්වරයා විසින් මහජන බදු මුදලින් තාරා දමා පාරක් දමන්නට කටයුතු කරමින් සිටින බවට ප්‍රදේශවාසින් මේ වන විට මිගමුව නාගරික කොමසාරිස්වරයා වෙත බරපතල චෝදනාවක් එල්ල කර සිටියහ

අදාල ප්‍රදේශයේ නිවැසියන් විසින් තමන්ගේ නිවෙස්වලට යන පාර සකස්කර දෙන ලෙස ඉල්ලා වසරකටත් වැඩි කාලයක් ගොස් තිබුණද ආදාල බලධාරින් ඒ සම්බන්ධයෙන් පියවර ගෙන තිබුනේ නැ

තතු එසේව තිබියදි නගර සභාවේ මුදල් පවා නැතැයි කියන නාගරික කොමසාරිස්වරයා සිය දේශපාලන හාම්පුතාලාට වරදාන දෙමින් මෙසේ පාරක් තැනිමිට පියවර ගෙන තිබුණි.

මේ පාර අගදරගුරු නික්ලස් මාවතට සම්බන්ධ කිරිමටද කටයුතු යොදමින් සිටින බවට ප්‍රදේශවාසින් චෝදනා කර සිටිති.

මෙම කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කරන්නේ කලු සල්ලි දේශපාලන පවුලක අතහිත නිසා කෝටිපතියෙකු වි සිටින අයෙකු බවද කියැවේ.


කෙසේ වෙතත් අප විසින් මේ කරන ලද හෙළිදරව්ව හමුවේ නාගරික කොමසාරිස්වරයා කලින් සකස් කරන ලද තිර පිටපතක් සහිත රැඟුමක්ද සමගින් තලාදුවේ නීති විරෝධි පාර හැදිම නවතා දැමිමට පියවර ගෙන තිබේ.
මේ තිරණය ගනු ලැබු අවස්ථාවට මිගමුව මහනගර සභාවේ අංක එකේ දුෂිත නිළධාරියෙකුද එක්ව සිටි බව අපගේ තොරතරු ආරංචි මාර්ග හෙළිකර සිටියේය .
මිගමු නාගරික කොමසාරිස්වරයා ඇතුළු අනෙක් දුෂිත නිළධාරින් රැසක් ගැන සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් දැනටමත් අපට ලැබි තිබේ.
මිගමුවේ ප්‍රසිද්ධ කොන්ත්‍රාත්කරුවෙකු සමගින කොමාසරිස් විසින් කරන ලද සාකච්ජාවක කරුණුද ඊට ඇතුලත්ය