තලාදූව පාරේ ගෙස්ට් හවුස් වලට එරෙහිව මීගමුව ප්‍රාදේශිය ලේකම්තුමාටත් පෙත්සමක් ?

0
71
dav
dav

මීගමුව තලාදුව පාර දැන් කලක පටන් ප්‍රසිද්ධියට පත්වෙමින් ඇත්තේ උපකාරක පංති බහුල කලාපයක් ලෙසිනි.
මේ කලාපයේ දැන් අළුත් ව්‍යාපාරයක් පටන් ගෙන තිබේ.
එනම් මේ පංතිවලට එන දරුවන් ඉලක්ක කොට ගත කාමර කුලියට දිමේ ගෙස්ට් හවුස් කිපයක් ආරම්භ කොට තිබිමයි.
මෙහි අහිතකර බලපෑම දුටු තලාදුව පාරේ ගම්වාසින් මීගමුවේ ප්‍රධාන බලධාරින් තිදෙනෙකු හට මේ වන විටත් පෙත්සම් භාර දි ඇතැයි වාර්ථා වේ.
මෙසේ පෙත්සම් භාර දි ඇත්තේ මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරි තුමන්,නාගරික කොමසාරිස්තුමන්,ප්‍රාදේශිය ලේකම්තුමන් හටය.
දැන් මේ ගම්වාසින් බලාසිටින්නේ මේ බලධාරින් තිදෙනා තමන්ගේ ඉල්ලිමට ප්‍රතිචාර දක්වන තුරුය.
එසේ ප්‍රතිචාර නොලැබෙන්නේ යුක්තිය සාධාරණය පතා එතනින් එහා ක්‍රියාමාර්ග වලට යොමුවිමට තමන්ට සිදුවන බව ඔහුව පවසති.