මේ පහර දීම පිලිබඳව ඒ අවස්ථාවේදී නගරාධිපතිවරයාව තමන් විසින් වාචිකව දැනුවත් කල බවද නෙල්සන් පවසයි. එලෙසම ඔහු පවසන්නේ ඊට පසු දින උදෑසන 10.00 ට පමන තමාගේ දුරකථනයට අනුරාධා නැමැති සභාවේ ඝණකාධිකාරීවරිය (ආදායම්* ඔහු අමතා පවසා ඇත්තේ ඔහු සතු සියළුම පොත් පත් සභාවේ මාලනී නැමැති ප‍්‍රධාන ලිපිකාරීනීය භාර දෙන ලෙසයි. ඔහු ඒ අනුව කටයුතු කර ඇති අතර තමාට සිදු වූ පහර දීම පිලිබඳවද ඝණකාධිකාරීවරියට පවසා ඇත.
මේ අතර ඔහු විසින් පසුගිය අප්‍රෙල් 29 දින කොළඹ පලාත් පාලන කොමසාරිස් කාර්්‍යාලයේ සහකාර කොමසාරිස්වරයාට මේ පිලිබඳව පැමිණිලි කර ඇති අතර සහකාර කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි එදිනම මීගමුව පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ. එලෙසම පසුගිය මැයි මස 02 වැනි දින මීගමුව නාගරීක කොමසාරිස්වරයා ගෙන් නෙල්සන්ට ලැබුණු ලිපියකින් දන්වා තිබුනේ ඇන්ටන් ජයවීර මංතී‍්‍රවරයාට අසභ්‍ය ලෙස බැන වැදීම, තලාහේන උප කාර්්‍යාලයේ කාර්්‍යය මන්ඩලයට හිරිහැර කරන බව යන කරුණු පිලිබඳව විමසීමට කොමසාරිස්වරයා හමු වෙන ලෙසයි. ඒ අනුව පසුගිය මැයි 04 වැනි දා කොමසාරිස් කාර්්‍යාලයේදී එම කරුණු විභාග කිරීම සිදු වී තිබේ. නෙල්සන් හෙට්ටිආරච්චි සහ ඇන්ටන් ජයවීර නාගරික මංතී‍්‍රවරයාද එම කරුණු විභාගය සඳහා සහභාගී වී ඇත.
එහිදී ඇන්ටන් ජයවීර මංතී‍්‍රවරයා පවසා ඇත්තේ නෙල්සන් නැමැත්තා ආවේගශීලීව තමාට බැන වැදුන බවටත්, තලාහේන උප කාර්්‍යාලයේ නිලධාරීන්ට කරදර කරමින් අසත්‍ය චෝදනා එල්ල කර ඇති බවයි.
ඊට ප‍්‍රතිචාර දක්වමින් එහිදී නෙල්සන් පවසා ඇත්තේ ජයවීර මංතී‍්‍රවරයා අසත්‍ය පවසන බවත් ඔහුට මංතී‍්‍රවරයා පහර දුන් බවත් එලෙසම කිසිදු හේතු දැක්වීමක් හෝ නොකර අඩුම තරමින් ලිඛිත නියෝගයකින් හෝ තොරව තමාට රාජකාරි කිරීමට අවශ්‍ය සියළුම පොත් පත් භාර ගෙන රාජකාරිය කිරීමට නොහැකි වන අයුරින් කටයුතු කර ඇති බවද ඔහු කොමසාරිස්වරයා ඉදිරියේ පවසා ඇත.
ඉන් පසුව 2011 /05/11 දිනැති මීගමුව නාගරික කොමසාරිස්වරයා විසින් නෙල්සන්ට දන්වා එවා ඇති ලිපියේ සඳහන්ව ඇත්තේ 2011/05/04 දින සිට ඔහුගේ සේවය අවසන් කර ඇති අතර ඔහු සතුව ඇති තලාහේන උප කාර්්‍යාලයෙන් නිකුත් කල සියළුම ලිපි ලේඛන බිල් පත් අයකල මුදල් එම කාර්්‍යාලයේ ප‍්‍රධාන කලමනාකරන සහකාරවරියට මැයි මස 13 වැනි දිනට ප‍්‍රථමව ලබා දෙන ලෙසයි.
ඒ අනුව ඔහු නාගරික කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින්නේ තමාට කල පහරදීම පිලිබඳවත් තමාට තලාහේන කාර්්‍යාලයේ නිලධාරීන්ගෙන් එල්ල වී ඇතැයි කියන චෝදනා පිලිබඳවත් කිසිදු පරීක්ෂනයක් නොපවත්වා තම සේවය අවසන් කිරීම ඉතාම අසාධාරනයක් බවයි. තවද ඔහු වැඩි දුරටත් නාගරික කොමසාරිස්වරයාට යවන තම ලිපියෙන් අවධාරනය කර ඇත්තේ ඉහත උප කාර්්‍යාලයේ සිදු වී යැයි කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් කොළඹ පලාත් පාලන කොමසාරිස් කාර්්‍යාලයේ සහකාර කොමසාරිස්වරයාට කරන ලද පැමිනිල්ට අනුව ඒ පිලිබඳව ඉදිරි කාලයේදී නිසි පරීක්ෂනයක් පැවැත්වීමට නියමිත බව තමන්ට දැනගන්නට ලැබුනු බවයි. එලෙසම මෙම කරුණු හෙලිදරව් කිරීම මත තමාගේ සේවය අත්හිටුවීම ඉතා කනගාටුවට හේතුවක් බවද ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත් වාර්තා වන පරිදි මේ වන විට නෙල්සන් හෙට්ටිආරච්චි නැමැත්තා විසින් මීගමුව පොලිසියට කරන ලද පැමිනිල්ලට අනුව පසුගිය මැයි 05 වන දා මීගමුව පොලිසියේදී පරීක්ෂනයක් පවත්වා ඇති අතර එහිදී 2011/05/28 වන දින මේ දෙපාර්ශවයටම සමථ මන්ඩලය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත. වාර්තා වන පරිදි නෙල්සන් හෙට්ටිආරච්චි නැමැත්තා විසින් තමාට සිදු වී ඇති මෙම අසාධාරනය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ. ඊට අමතරව පලාත් පාලන අමාත්‍යවරයා වෙතද, පලාත් පාලන කොමසාරිස්වරිය වෙතද, පලාත් පාලන සහකාර කොමසාරිස්වරයා වෙතද ලිඛිතව පැමිණිලි කර ඇත. තවද කොළඹ, මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂවරයා වෙතද ඔහු විසින් ලිඛිතව පැමිණිලි කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.