තවත් අප්‍රිකානු සරණාගතයින් පිරිසක් මෙසිනා මුහුදේදී බේරා ගැනේ .

0
146

sisili 1sisili 2දිනෙන් දින ඇඳී එන සරණාගතයින් රැගත් නැව් සිසිලි මුහුදේදි ඉතාලි නාවික හමුදාව විසින් මුදවා ගනී.වසර ගණනාවක සිට ඉතාලියේ ලම්පෙදූසා දූපත හරහා සිසිලියට ලඟාවන බෝට්ටු තුලින් මුහුදට වැටී සිසිලි වෙරළ තීරයට ගසාගෙන එන මළ මිනීද මතුවෙමින් පවති. ඒ පැමිනෙන සරණාගතයින්ටද නොදෙවෙනි සත්කාරයක් කිරීමට ඉතාලියේ පවතින  සුවෙච්ඡා සංවිධාන හා ඉතාලි රජය සුදානම් වී සිටී. අද දිනයේද ඉතාලියේ මෙසීනා නැව් තොටුපල ආසන්න මුහුදු තීරයේ තිබී සරණාගතයින් 300ක් රැගත් කුඩා බෝට්ටුවක් ඉතාලි නාවික හමුදාව විසින්  උදෑසන බේරාගෙන තිබේ. එහි සුඩාන,එදිරියානු,ඉතියෝපියානු,ලිබියානු යන ජාතිකයන් විය.අද සවස ඔවුන් මෙසීනා නගරය වෙත රැගෙන එන ලදි.එහිදී ඔවුන්ට  ආහාරපාන හා  අවශ්‍ය උපදෙස් ලබා දී රෝමය වෙත යෑමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්ද සපයනු ලැබීය.

 එහිදී එක් සංක්‍රමිකයෙක් අප වෙත තම අත්දැකීම පවසන ලදි.
  මොහු නමින් M . සනී හසන් .හසන් ඉතියෝපියානු ජාතිකයෙකි. ඔහු අප සමඟ පැවසුවේ ලිබියාව හරහා ඉතාලිය වෙත පැමිනීමට දින දෙකක් ගත වුනු බවයි. ඔහු වෙසෙන ගම්මානයේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදින්ගේ බලපෑම් නිසා තම රටෙන් පලා ආ බව ඔහු පැවසීය.නමුත් ඩොලර් 1300 මුදලක් ලිබියාව හරහා ඉතාලිය වෙත් පැමිනීමට ගෙවා ඇත. ඉතියෝපියාවේ සිට ලිබියාව වෙත පැමින ඇත්තේ බස් රථ වලිනි.ඔහු ඉංග්‍රීසි බස යම්තාක් දුරට හසුරවන්නෙකි.ඔහු පවසන අන්දමට ඔහු පරිඝණක විද්‍යාව පිලිබඳ උපාධි දාරියෙකි.
ලැබුනු සුලු මොහොතේදි මෙවැනි තොරතුරක් දැනගැනීමට අපට හැකිවිය. නමුත් මෙහි ගැටලු රාශියක් පවතී. ක්‍රිස්තියානි ජාතිකයන් මරනයට පත් කරන්නේ නම් මුස්ලීම් ජාතිකයෙකු වන හසන් ඉතාලියට පැමිනියේ කෙසේද ?
ඔහු ඩොලර් 1300 ක මුදලක් ගෙවනු ලබන්නේ කාටද? මෙවැනි සැක සහිත තැන් බොහෝය.නමුත් පැමිනෙන සරණාගතයින්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉතාලි රජය පියවර ගෙන ඇත.
 ශංඛ කහදාරච්චි සමඟ දිල්ශාන් තීසේරා 
sisili 4

6 Attachments

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here