බොහෝ මලයාලම් චිත්‍රපට වල දැකිය හැකි සුවිශේෂත්වය වන්නේ චිත්‍රපටයේ මුල් කොටසේදී හෝ මැද කොටසේදී චිත්‍රපටයට කුමනාකාරයෙන් අවසන් වන්නේදැයි තීරණය කළ නොහැකි කුතුහලයක් චිත්‍රපටිය අවසානය දක්වාම පවත්වාගෙන යාමයි.
මුල මැද අග ලෙස ගලායාමක් නොතිබුනත් චිත්‍රපටියේ සෑම දර්ශනයක්ම තිරයේ රූපණය කරනවාට වඩා අපට හිතන්න යමක් ඉතිරි කිරීම මම මලයාලම් චිත්‍රපට වලට මේ තරම් ඇලුම් කරන්න හේතුව වෙන්න ඇති.
බොහෝ මලයාලම් චිත්‍රපට නැරඹු පසු, දින කීපයක් යනතුරුත් එම චිත්‍රපටිය අපගේ මනසේ හොල්මන් කරන්නේ ඒ නිසයි.
අද(2023.10.24) චරණ රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ අවියාල් (Aviyal) ද එවැනිම සුන්දර මලයාලම් චිත්‍රපටියක්.
ක්‍රිෂ්ණා නැමති චරිතය පාදක කරගෙන චිත්‍රපටියේ කතාව ගොඩ නැගී තිබුනත් කතා රචකයා සහ අධ්‍යක්ෂකවරයා ප්‍රේක්ෂකයාට මුදා හරින්නේ දුක්විදින රාධාලාගේ ජීවිතයේ තියෙන වටිනාකම් ගැනයි.
චිත්‍රපටියේ අවසාන කොටසේදී ක්‍රිෂ්ණාගේ දැඩි මමත්වය නිසා අපේක්ෂාභංගත්වයට පත්වී සිටින ඔහුගේ බිරිද ක්‍රිෂ්ණා ට පවසන මේ දෙබස එයට හොදම උදාහරණයයි.
” හැම රාධා කෙනෙකුටම ක්‍රිෂ්ණාට වඩා වේදනාකාරි කතාවක් තියෙනවා….
අපිට හැම වෙලාවේම වැරදුනේ “මම” …මම, මම… අපේ ජීවිතවල මම විතරක් සිටීමයි..අඩුම තරමින් එකට ජීවත් වෙන කොටවත් අපිට ” අපි” කියලා හිතන්න බැරිව ගියා…”
අවියාල් මා දැඩිසේ කම්පනයට පත්කළ චිත්‍රපටියක්.
අශානෝ
2023.10.24.