කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු අද (15) දින හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඉන් ආසාදිතයින් 13 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර, අනෙක් 36 දෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.
ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1,770 කි.
මේ අතර පසුගිය දින 4 ක් කාලය තුල නිදහස් වෙළද කලාපයෙන් හදුනාගෙන තිබුණ අසාදිතයන් ගණන 72 ක් වි තිබුණි.
නිදහස් වෙළද කලාපයේ කම්කරුවන් විශාල වශයෙන් නේවාසිකාර වල සිටිම හේතුකො මේ තත්වය ඉදිරියේදි තවත් බරපතල වේද ප්‍රශ්ණ අද වඩාත් අවධානය යොමු කළ යුතු එකක් බවට පත්ව තිබේ.