තවත් කොරෝනා අසාදිතයන් 22 ක් ! මුළු ගණන 2752 දක්වා ඉහලට !

0
86

Corona-poci-web-825x412කොවිඩ් -19 ආසාදිතයින් 22 දෙනෙකු අද මේවන විට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2752 කි.

අද පස්වරු 11.15 ට නිකුත් කළ වාර්තා වලට අනුව ප්‍රතිකාර ලබනමින් සිටින සංඛ්‍යාව 677 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

කොරෝනා ආසාදිත රෝගීන් 2064 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ දක්වා මිය ගොස් ඇත්තේ 11 දෙනෙකු පමණි.

ඊයේ දිනයේ වාර්තා වු එම රෝගීන් 22 අතරින් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ, නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු ද කොවිඩ් නයින්ටීන් රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ.

ඊට අමතරව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ද කොවිඩ් නයින්ටීන් රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙකු බව සඳහන් වේ.