තවත් කොරෝනා ආසාදිතයන් 6 ක් ! මුලු ආසාදිතයන් ගණන 2703 දක්වා ඉහලට !

0
82

Corona-poci-web-825x412

ඊයේ (18) දිනයේ මෙරටින් කොවිඩ් – 19 ආසාදිතයින් හයදෙනෙකු හඳුනා ගැනුණු අතර ඒ අතරින් එක් අයෙක් පිලිපීනයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකි.

තවත් සිව්දෙනෙකු හෝමාගමින් හමු වූ කන්දාකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා සම්බන්ධ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් ආසාදිතයා ලංකාපුර පදිංචි කන්දකාඩු ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙකි.

එම පුද්ගලයන් හයදෙනාම හඳුනාගෙන ඇත්තේ නිරෝධායනය වෙමින් සිටියදීය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2703 ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 669ක් වන අතර පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ගණන 2023ක් ලෙස සටහන් වේ.

ඉකුත් ජූලි 08 වැනි දා වන විට මෙරට රෝහල්ගත ආසාදිතයන් ගණන 104ක් දක්වා අඩු වී තිබූ නමුත් ජූලි 09 වැනි දා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයන් 56 දෙනකු සහ එහි උපදේශකවරියක් කොවිඩ් ආසාදිත බව හඳුනාගැනීමත් සමග නැවතත් ඒ ආශ්‍රිතව නිර්මාණය වූ කොවිඩ් පොකුර නිසා මෙරට ආසාදිතයන් ගණන සීඝ්‍රයෙන් ඉහළ ගියේය.

ඉන් පසු ජූලි 10 වැනි දා වාර්තාගත ලෙස මුළු දිවයිනෙන්ම ආසාදිතයින් 300ක් හඳුනා ගැනුණු අතර පසුගිය (17) දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු අලුතින් හඳුනාගැනුණි.

ඒ අතර නිරෝධායනයට ලක්වෙමින් සිටින සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 3 ක්, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 3 ක් හා නිරෝධායනයට ලක්වෙමින් සිටින ඉන්දියාවේ සිට පැමිණි එක් අයෙකු ද වේ.

කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වන ගම්පහ හා යක්කල පදිංචි දෙදෙනෙක් සහ රාජාංගනයේ පදිංචි කන්දකාඩු ආසාදිතයකුගේ ආශ්‍රිතයෙක් වන 12 හැවිරිදි දරුවෙකු අනෙක් ආසාදිතයින් තිදෙනා අතරට අයත්ය.

මේ අනුව කන්දකාඩු ආසාදිත පොකුරෙන් හඳුනා ගත් සමස්ත ආසාදිතයින් ගණන 555ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර නාවික හමුදා පොකුරෙන් වාර්තා වු ආසාදිතයින් 906 දෙනා අතරින් 02 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග එම පොකුරේ ආසාදිතයින් 5 දෙනෙකු පමණක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

කොවිඩ් – 19 දෙවැනි රැල්ලක් නැතත් ශ්‍රී ලංකාව මේ වන විට ඒ ආසන්නයේ සිටින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසද්දි මෙරට කොවිඩ් පාලනය සදහා සෘජු දායකත්වයක් ලබා දෙමින් රාජකාරි කරමින් සිටි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සොෟඛ්‍ය ඇමතිවරියගේ අදුරදර්ශි ක්‍රියාමාර්ගවලට විරෝධය පළකරමින් සේවයෙන් ඉවත්ව සිටිති.රට මුහුණ දෙමින් සිටින අර්බුදය හමුවේ මෙය බරපතල කරුණක්ව පැවැතියද රජය එය කඩමින් විසදාලිමට නිසි පියවර ගන්නා බවත් නොපෙනේ.
මුලාශ්‍රය – අද දෙරණ