තවත් පළාත් පාලන නියෝජිතයන් 37 ක් එජාපෙන් නෙරපා හරියි ! මිගමු මන්ත්‍රිලාත් බිය වෙයි ?

0
84

MC UNP team 1එජාප පළාත් පාලන නියෝජිතයන් සේ සිටිමින් වෙනත් පක්ෂයකට සහය පළ කරන ලද එජාප පළාත් පාලන නියෝජිතයන් තවත් 37 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය මේ වන විට අහෝසි කොට තිබේ.මිට පෙර පළාත් පාලන නියෝජි්තයන් 61 දෙනෙකු මෙසේ පක්ෂයෙන් නෙරපා දැමුණි.
මේ අනුව එජාපයේ මන්ත්‍රි තනතුරු දරන ළාත් පාලන නියෝජිතයන් දැන් බියට පත්ව සිටිති. මේ නිසාම මිගමුවේ එජාප නියෝජිතයන් දැන් දවල් මිගෙල් රැ දනියෙල් රඟපැමක නිරතව සිටිති.
විනය පරික්ෂණ වලින් බේරිම සදහා දැන් බොරු රඟපෑම්ද අරභා තිබේ.
සමඟි ජන බලවේගයේ නියෝජිතයන්ව ඊයේ දිනයේ පිළිගත් මේ ඇතැමුන් අද එජාප අපෙක්ෂකයන්ටද ඇරයුම් කර රැස්විම් සංවිධානය කරන්නට තරම් මේ බිය වර්ධනය වි ඇත.
කෙසේ වෙතත් මිගමුවේ නාගරික මන්ත්‍රින් 10 ක වැඩි පිරිසක් සමඟි බලවේගයට සහය දක්වන අයුරු පිළිබදව පැහැදිලි දත්ත සාක්ෂිද මේ වන විටත් ගොනුවි ඇතැයි වාර්ථා වේ.