තවත් බහුදින යාත්‍රාවක් කුඩු, සමගින් අත්අඩංගුවට ..

0
146

බහුදින ධිවර කර්මාන්තය දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින පසුබිමක දැන් කලක පටන් බහුදින යාත්‍රා යොදාගනිමින් විවිධ නීති විරෝධි කටයුතු ආරම්භ විමට පටන් ගෙන තිබේ.
එදා නිති විරෝධි සංක්‍රමණියන් පිටරටවලට පටවා මුදල් හම්බ කල බහුදින යාත්‍රා අද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා යොදවා ගැනිමේ ප්‍රවණාතාවයක්ද මතුව තිබේ.ඒ අනුව අද දිනයේදි ශ්‍රිලාංකික බහුදින යාත්‍රාවක් ඉන්දිය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය පමණක් නොව ආයුධද ප්‍රවාහනය කරමින් තිබියදිය.


ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ මේ බහුදින යාත්‍රාව විසින් හෙරොයින් කිලෝ 300 ක් , AK47 රයිෆල් 5 ක් සහ උණ්ඩ 1000 ක් ප්‍රවාහනය කරමින් තිබුන බවය.
මේ යාත්‍රාවේ ගමන් කළ 6 දෙනෙකු මේ අනුව ඉන්දියාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මිට සති දෙකකට පමණ පෙරද ඉන්දිය නාවික හමුදාව විසින් ලාංකික බහුදින ධිවර යාත්‍රාවක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදි අත්අඩංගුවට ගෙන ඇත
දිනෙන් දින අර්බුදයකට යමින් ඇති බහුදින ධිවර කර්මාන්තය මරු කටට යවන තිරණයක්ද පසුගියදා රජය විසින් ගෙන තිබුන බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
එනම් ඉන්දිය ධිවරයන් ට හට ශ්‍රිලංකා මුහුදු කලාපය තුල මසුන්න ඇල්ලිමට විශේෂ බලපත්‍රයක් ලබා දිම ගැනය.