තවත් මුදල් මංකොල්ලයක් ?

0
74

DSC_0178ඊයේ මාර්තු 30 වනදා කටුනායක 18 කණුව ආසන්නයේම පිහිටි කොමර්ෂල් බැංකුවේදී මුදල්  මංකොල්ලයක් සිදුවූ බව මාධ්‍ය වාර්තා කළේය.  මෙම මංකොල්ලය සිදුවී ඇත්තේ ඊයේ මධ්‍යම රාත්‍රී 12.30ට පමණ වන අතර සම්පූර්ණ ආවරණ සහිතව හෙල්මට් පැළදි  පුද්ගලයන්  4 දෙනෙකු ගිණි අවි සමග පැමිණ  ඒ මොහොතේ සේවයේ සිටි බැංකු සේවකයෙකුට ද තුවාල සිදුකර මුදල් මංකොල්ල කා පැන ගොස් තිබේ.

පිහියෙන් ඇන බැංකු සේවකයාට තුවාල සිදුකර ඇති අතර ඔහු මේ වන විට රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.   මංකොල්ලකරුවන් විසින් ඒ මොහොතේ බැංකුවේ තිබූ මුදල් සියල්ලම පැහැරගැනීමට උත්සාහා දරා ඇතිමුත් ඔවුන්ට පැහැරගැනීමට හැකිවී ඇත්තේ රු 50 000ක පමණ මුදලක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මංකොල්ලය  සිදුවී ඇති කොමර්ෂල් බැංකුව   24 පැය සේවාය පවත්වාගෙන බැංකුවකි.. ජාත්‍යන්තර ගුවන්තොටුපළත්, නිදහස් වෙළඳ කලාපයත් ආසන්නයේම පිහිටා තිබීමත් හේතුවෙන් මුල්‍ය කටයුතු වෙනුවෙන් මේ  බැංකුවේ සේවාව මහත් පහසුවකි.
එමෙන්ම ජාත්‍යන්තර ගුවන් තොටුපලට කි මි 2කට අඩුදුරකින් පිහිටි මේ බැංකුව රාත්‍රියේදිත් කාර්යල බහුල කොළඹ හලාවත පාරේ පිහිටා තිබියදිත් මෙවන් මංකොල්ලයක් සිදුකිරිමට කොල්ල කරුවන් පසුබට නොවිම තුල කියැවෙන බරපතල ආරක්ෂාව පිළිබද ප්‍රශ්ණයක් මතු කර තිබේ.
මීගමුවේ පිහිටි ජුවෙල් ලංකා ආයතනයේ සිදුකළ මුදල් මංකොල්ලයෙන් පසු මුහුණු ආවරණ සහිතව පැමිණ සිදුකරන ලද ප්‍රධාන මකොල්ලය මෙය වන අතර  මෙවැනි ස්ථානයක තිබිය යුතු ආරක්ෂාව පිළිබඳව බරපතල ගැටළුවක් මතුකරන සිද්ධියක් ලෙස මෙය සැලකිය හැකිය.
CCTV කැමරා මගින් සොරකම් කරන පුද්ගලයන් සොයාගන්නට හැකි වුවත් නැතත් සොරකම් අඩුකරගැනීමේ හැකියාවක්  පළාතේ පොලිසියට තිබිය යුතුය. නමුත්  මෙම සිදුවීම මගින් පෙනී යන කාරණය වන්නේ මංකොල්ලකෑම්  සී.සී.ටී. කැමරා වලින් පමණකින් නවතා ලියහැකි  ගැටළුවක් නොවන බවයි. මංකොල්ලකරුවන්  අඩුකරගැනීමට නම්  ඒ සඳහා විශේෂ ආරක්ෂාකාරී වැඩපිළිවෙලක් තිබිය යුතුය.  මෙම සිදුවීමත් සමග  පොලිස් දෙපාර්තමේන්තුවට එල්ලවන අභියෝගය එයයි.
DSC_0170

DSC_0163
ඡායා – ප්‍රියප්‍රේම මාණික්කරත්න