තවත් රතිඤ්ඤා මඩුවක් පුපුරයි – තරුණයෙකුට අසාධ්‍යයයි

0
129

(4.00pm) අද පෙරවරුවේ   කටාන – කොන්දගම්මුල්ල ප්‍රදේශයේ  පවත්වාගෙන යන රතිඤ්ඥා කම්හලක දී සිදුවූ පිපිරීමකින් අවුරුදු 30ක පමණ විවාහක දමිළ තරුණයෙකු පිළිස්සී බලපතල තත්ත්වයෙන් මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.   අසාධ්‍ය තත්ත්වයේ පසුවූ මෙම සේවකයාව නැවතත් කොළඹ මහ රෝහලට මාරු කර යවා තිබේ.
මෙම පිපිරීම සිදුවී ඇත්තේ ඔහු එම රතිඤ්ඤා මඩුවේ වැඩ කරමින් සිටින අතරතුරදී බව කටාන පොලීසිය පවසයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටාන පොලීසිය විසින් සිදුරනු ලබයි.කටාන ප්‍රදේශයේ ගෘහ කර්මාන්තයක් ලෙසින් පවත්වාගෙන මෙම අනාරක්ෂිත ගිණිකෙලි කර්මාන්තය නිසා පහුගිය කාල තුල අහිංසක ජිවිත රැසක් අහිමි වි තිබේ.fire work1fire work1