තව සුළු මොහොතකින් ඇරඹෙන T20 තරගයට මීගමුවෙන් දසුන්..

0
67

මින් සුළු මොහොතකද පෙර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එකම T20 තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මීගමුවේ දසුන් ශානකට හිමිවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග ප්‍රකාශ කරා. ඒ අනුව වඩාත් කැපී පෙනෙන දක්ෂතාවයක් ඇති දසුන්ට අද තරගලය තමන්ගේ දක්ෂතාවයන් පෙන්වීමට ලැබෙන තවත් වටින අවස්ථාවන් වනු ඇති.

දසුන් ශානක මේ වන විට රටක්ම හදුනාගත් මීගමුවෙන් ශ්‍රීලංකා කණ්ඩායමට තේරී පත්වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. පළමුව මීගමුව ශා. පීතර විද්‍යාලයෙන් හා පසුව මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයෙන් තමන්ගේ ක්‍රීඩා දිවි ආරම් ක දසුන් මේ වන විට ක්‍රම ක්‍රමයෙන් ශ්‍රීලංකා කණ්ඩායමේ තමන්ගේ ස්ථානය ස්ථීර කරගැනීමට දස්කම් පෙන්වමින් සිටිනවා. ඔහුගේ  මේ ක්‍රීඩා විලාසය හා දස්කම් දුටු විට නුදුරේදීම ඔහු කණ්ඩායමට නැතුවම බැරි නිත්‍ය සාමාජිකයෙක් බවට පත්වෙමින් සිටින බව කියන්න පුළුවන්. මේ ඒ බව ඔප්පු කිරීම සදහා පසුගිය කාලයේ ශ්‍රීලංකා කණ්ඩායම සදභාගී වූ තරගාවලි වලදී ඔහු ප්‍රකට කල දස්කම් කිහිපයක්…

දසුන් ශානක දිගු සාර්ථක ගමනක් සදහා ඔබට මීපුර අපේ උණුසුම් ආදරණීය සුභ පැතුම්…

පෙබරවාරි 9 – ශ්‍රීලකාව හා ඉන්දියාව අතර පලමු 20/20 තරගය

දසුන්දසුන් ශානක  –  ලකුණු 16කට කඩුළු 3යි.. (ඉන්දීය කණ්ඩායම ලකුණු 101කට සීමා කිරීමට එම තරගයේදී දසුන් ශානක හා කසුන් රජිත යන පන්දු යවන්නන් සමත් වුණා.)

මාර්තු 26 – ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය (ලෝක කුසලානය)

මේ තරගයේදී ලකුණු 172ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන විට තනි සටනක තිරතවූ කණ්ඩායමේ නායකයාට අනගි සහයක් ලබා දෙමින් දසුන් ශානක පන්දු 7කදී ලකුණු 11 ලබා ගෙන සිටියදී අවාසානාවන්ත ලෙස දැවී ගියා. නමුත් ඒ අවස්ථාවේදී ඔහුගේ දැවී යාම සිදු නොවන්නට ශ්‍රීලංකා කණ්ඩායමට එදින ජයග්‍රහණය ලබා ගැනීමට වැඩි අවස්ථාවක් තිබූ බවයි වැඩි දෙනාගේ අදහස.

අප්‍රේල් 28 – එංගලන්ත සංචාරය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීම.

දසුන් ශානක ටෙස්ට් වරම් දිනා ගැනීම.

මේ ඒ පිලිබදව ඔහු තබා තිබූ සටහනක්…

“The moment of taking oaths to wear the test cap is the greatest achievement of a cricketer in his Career.
It’s delighted to hear that in the forthcoming test series vs England ,I have also got a chance to pass the milestone.
So i’m glad to convey my gratitude for those who have supported me always and we assure that we will make the best performance as a team to make our nation proud.”

මැයි 13 –  ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පුහුණු තුන්දින තරගය
192/8 ක් ලෙස පැවති ශ්‍රී ලංකාව හා Leicestershire කණ්ඩායම අතර පැවති පුහුණු තරගයේදී කණ්ඩායමේ කඩා වැටීම ලකුණු 318/ක් දක්වා රැගෙන ඒමට දසුන් ශානක නොදැවී ලබා ගත් ලකුණු 91 පිටිවහලක් විය.
මැයි 14 – ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පුහුණු තුන්දින තරගය
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 367කට සියල්ලන්ම දැවී ගිය අතර දසුන් ශානක පන්දු 132කින් ලකුණු 112ක් ලබා ගනිමින් ඉනි ශක්තිමත් කිරීමට මෙන්ම ගොඩ ගැනීමට සමත් විය. එම ලකුණු 112 සදහා 4 පහර 11ක් හා 6 පහර 4ක් ඇතුලත් විය.

 මිතිලායා ගමගේ