තහංචි නොතකා වයඹ එජාප මන්ත්‍රින් 2ක් ඇතුළු 17 ක් සැප ගන්න රටපනී..??

0
51

පසුගිය දිනවල වයඹ පළාතේ  දේශපාලන කරලිය තුල මහත් ආන්දෝලනයකට මුල් වු කරුණක් වුයේ ලක්ෂ 300 ක්  පමණ වැය කරමින් තායිලන්තයට සහ චීනයට යෑම සදහා සුදානම් වෙමින් තිබුණ විනෝද චාරිකාව පිළිබදවයි.
ජවිපෙ මන්ත්‍රිවරයා පමණක් මෙය මුදල් නාස්තියක් ලෙසින් සිය විරෝධය පළකර තිබුනද අනික් සියළු මන්ත්‍රිවරුන් මේ ගමන සදහා සිය පුර්ණ සහය පළකර තිබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් හෙළිකර සිටිමෙන් පසුව ජනාධිපතිවරයාගේද දැනුම් දිම් ප්‍රකාර මේ ගමන අත්හිටුවිම සදහා කටයුතු සුදානම් කළද ඒ  නියෝගයද නොතකා පසුගිය 27 වනදා වයඹ පළාත් සභාවේ මන්ත්‍රිවරුන් 17 දෙනෙකු සහ නිලධාරින් 3 දෙනෙකු තායිලන්තය සහ චීනය බලා පිටත්ව ගොස් ඇති බව www.lankathruth වෙබ් අඩවිය හෙළි කළේය.
.එමෙන්ම සංචාරය සදහා වයඹ පළාත් ඇමතිවරයෙකුද සම්බන්ධව සිටින බව වාර්තා වේ.
වයඹ පළාත තුල සිදුකළ යුතු නවින සංවර්ධනයක් වෙනුවෙන් මේ රටවල් වලින් බොහෝ දේ උගත හැකිව තිබුනද මේ ගමන් සුදානම්ව ඇත්තේ හුදු විනෝදය සදහා පමණක්  බව නම හෙළිකිරිමට අකමැති වු වයඹ පළාත් සභා නිළධාරියෙකු මීපුරට පැවසීය.
තවදුරටත් කරුණු දක්වා සිටි ඔහු කියා සිටියේ පසුගිය වසරේද කෝටි ගණනක මුදලක් වැය කරමින් තායිලන්තය සහ චීනය සදහා සංචාර සිදු වුවද ඉන් වයඹ පළාතට හෝ එහි ජනයා හට ලැබුන සෙතක් නම් නැති බවය.එහෙත් මන්ත්‍රිවරුන් නම් ඉන් ලබාගත් පුද්ගලික ලාභ ප්‍රයෝජන බොහෝ වු බවද හේ වැඩිදුරටත් හෙළිකර සිටියේය.
මේ පිරිසට එජාප මන්ත්‍රින් දෙදෙනෙකුද අයත් වන අතර ඒ දෙදෙනාම ප්‍රබල සජිත්වාදින් ලෙස පසුගිය කාලය තුල පුත්තලම් දිස්ත්‍රික්කය තුල කටයුතු කළ අයවීමද විශේෂයකි.
එමෙන්ම කිසිදු රාජ්‍ය විරෝධි කටයුත්තකට සිය ධනය හෝ පිරිස් බලය යොදා කිසිදු සහයක් පළ නොකළ අය ලෙසද මේ මන්ත්‍රින්  ප්‍රකට අය බවට අප කළ විමසුමකට පිළිතුරු දුන් ජේෂ්ඨ එජාප පාක්ෂිකයෙකු පවසා සිටියේය.
මේ එක් මන්ත්‍රිවරයෙක් පසුගිය මැතිවරණයේදි ඉතා ප්‍රසිද්ධියේ එජාප පක්ෂ නායකත්වයට එරෙහිව කටයුතු කළ අයෙකු බවද පැවසිය
විශේෂයෙන්ම මහජන සේවය සදහා ලැබුන වාහන පවා විකුණා ගනිමින් විවිධ ජාවාරම් වල යෙදිම පිළිබද චෝදනාද මේ එක් මන්ත්‍රිවරයෙක් වෙත දැනටමත් එල්ලවි ඇත.
18 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පක්ෂය විසින් දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරමින් තිබියදි මේ එක් මන්ත්‍රිවරයෙක් ආණ්ඩුවේ මන්ත්‍රින් හා එක්ව චීනය බලා ගොස් තිබුන බවත් වෙන්නප්පුව නගර  මධ්‍යයේ පැවැති උද්ඝෝෂණයට අඩුම තරමින් එකදු ක්‍රියාකාරිකයෙකු පවා සහභාගිකරවන්නට කිසිදු උත්සාහයක් නොගත් අයෙකු යැයි ද හෙළිකර සිටි මේ ජේෂ්ඨ ක්‍රියාකාරිකයාගේ අවධාරණය වුයේ  මෙවන් මන්ත්‍රින් සිටින තාක් විශේෂයෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රබල ආණ්ඩු විරෝධයක් මතුකිරිම දුෂ්කර වන බවය.
පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති එක්තරා පොදු උද්ඝෝෂණයකට තම පක්ෂයේ මහලේකම් වරයාද පැමිණ සිටියද මේ මන්ත්‍රින් දෙදෙනාගෙන් එක් අයෙකුවත් එයට පවා සභභාගි නොවිම මහත් පිළිකුලෙන් යුතුව හෙළාදකින බවද හේ පවසා සිටියේය.
‘ආණ්ඩුවේ වංචා දුෂණ පිළිබද අපි රෙදි ඇදන් කථා කරන්නේ කොහොමද මහත්තයෝ ”යැයි කි එජාප ඡේෂ්ඨයා අවසන් වශයෙන් මතු කර සිටියේ බස්නාහිර පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය තුල යම් වගකිම් පවා භාරගෙන සිටි මේ මන්ත්‍රිවරුන් මැතිවරණ සටනේ උච්චම අවස්ථාවේදි ආණ්ඩුව හා එක්වුන බව මේ අයගේ අනාගත දේශපාලනය පිළිබදව ඉගියක්ද විය හැකි බවය.