”තහනම් දැල් යොදා මාලු අල්ලන පුද්ගලයන් ගොඩදී අත්අඩංගුවට ගන්ඩ බෑ ..”

0
95

unnamed (1)මෑතක සිට සිදුවන එක්තරා තහනම් දැල්පන්න ක්‍රමයක් නිසා සම්ප්‍රදායික ධීවර රැකියාවේ නිරත වන ධීවරයින් මහත් අපහසුතාවයට පත්වූ අතර දෙපිරිසක්  අතර ගැටුමක් ද ඇතිවිය. මෙම තහනම් ක්‍රමය ”පෝඩු දැල් ” ලෙස හැදින්වුවත් එය නිසියාකාරවම පෝඩුදැලක් නොවන බවත්  ‘කරමල් දැලට’ වෙනත් කෑලි අමුණා  සකස් කරගත් දැලක් බවත් මීගමුව ධීවර කාර්යාලය පවසයි. මෙම දැල මගින් කුඩා මාලුන් අධික ලෙස ග්‍රහණයට ගැනීමට හැකි අතර එක රැයකින් සාලයන්, වැනි මත්ස්‍යයින් විශාල වශයෙන් අල්ලා ගැනීමට හැකි වන අතර එසේ සිදුවීමේදී සම්ප්‍රදායික ලෙස එම රැකියාවම කරන තෙප්පම්කරුවන් සහ ඔරු රස්සාවේ යෙදෙන ධීවරයින්ට විශාල වශයෙන් මත්ස්‍ය ආදායම අහිමි වන අතර ආර්ථික වශයෙන් විශාල පාඩු අත්විදින්නට සිදුවේ. මේ තත්ත්වය හේතුවෙන් මෙම පෝඩු දැල යොදා මසුන් අල්ලන ධීවරයින් අත්අඩංගුවට ගැනීමට පසුගිය කාලයේ  ධීවර කාර්යාලය විසින් පියවර ගෙන තිබුණි. නමුත් ධීවරයන් රාත්‍රී කාලයේදී බෝට්ටු යොදාගෙන මෙම දැල් යොදා ගොඩබිමේ සිට කිලෝමීටරයක පමණ දුරින් මසුන් අල්ලන බවට තවමත් තොරතුරු වාර්තා වේ.
මේ සම්බන්ධයෙන්  ධීවර කාර්යාලයේ අධ්‍යක්ෂකවරයාගෙන් අප කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ තහනම් දැල් අත්අඩංගුවට ගැනීමට  මුහුදේ යාත්‍රා කළ යුතු අතර ඒ සදහා නාවික හමුදාවත් ,පොලීසියත් සහභාගී කරගෙන  යා යුතු අතර මෙසේ වැටලිම් සදහා යන විට බොහෝ අවස්ථාවන් වල ඔවුන්ට ඔත්තුව ගොස් හමාර බවයි. නමුත් මාර්තු මාසයේ වැටලීම් සදහා සංචාර දෙකක් සිදුකර ඇති බවත් ඒවාහිදී මෙම පෝඩු දැල් භාවිතා කර ධීවර රැකියාවේ යෙදෙන කිසිවකුත් හසුවී නැති බවත් ඔහු පැවසීය. එහෙත් ඉදිරියේදී ද පෝඩු දැල මෙන්ම  තහනම් දැල් පන්න භාවිතා කරන්නන් අත්අඩංගුවට ගැනීමට කලපුවේ මෙන්ම මුහුදේ ද වැටලීම් සිදුකරන බව ඔහු පවසයි. මෙම තහනම් දැල් පන්න භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදනේනන් සම්බන්ධයෙන් කෙතරම් හෝඩුවාවන් තිබුණත් ඔවුන්ව මුහුදේදී  අත්අඩංගුවට ගෙන මිස ගොඩබිමදී අත්අංඩගුවට ඔවුන්ට නඩු පැවරිය නොහැකි බව අධ්‍යක්ෂකවරයා තවදුරටත් පවසන ලදී.