ත්‍රිරෝද රථ කරුවන් හිරගෙට දැමු ලලන්තලා ,හරිස්චන්ද්‍රලා නිදැල්ලේ ?

0
26

5මීගමුවේ ත්‍රිරෝද රථකරුවන් සිය විරෝධය දැක්විම සදහා මුලින්ම තෝරාගෙන තිබුණේ මීගමුව බස්නැවතුම්පළ ඉදිරිපිටය.
පසුව එහි ටික වේලාවක් රැදෙමින් සිට පසුව අළුත් පාර ඔස්සේ දුටුගැමුණු විහාරය අභියසයට යාමට සැලසුම වුවද එය පසුව කෙලවර වුයේ කොළඹ මීගමුව මහපාරෙන්ය.
එහිදි ද ඔවුන් ඒ දෙපස විරෝධතාව දක්වනවා වෙනුවට කළේ එහි පැමිණි වහාම මහමාර්ගය හරස්කොට එහි වාඩිලා ගැනිමය.
විරෝධතා පැවැත්විම සම්බන්ධයෙන් කිසිදු පළපුරුද්දක් නොතිබුණ මේ ත්‍රිරෝදකරුවන්ව මෙසේ කිරිම සදහා කිසියම් පිරිසක් විසින් මෙහෙය විය යුතුය.
මහමග හරස් කිරිමෙන් අනතුරුව පැය කීපයකට පමණ පසුව බස්නාහිර පළාත් සභා මන්ත්‍රින් වන ලලන්ත ගුණසේකර සහ ආනන්ද හරිස්චන්ද්‍ර තවත් පිරිසක්ද කැටුව මේ විරෝධතාවයට එක්ව තිබුනේ ත්‍රිරෝද රථවලිනි.
ඔවුන් මෙසේ පැමිණ මේ විරෝධතාවයට නායකත්වය දෙමින් සිටියදි මහින්ද රාජපක්ෂ සහ නාමල්  රාජපක්ෂ සිට ඇත්තේ මීගමුව කුරණ ග්‍රැන්ඩිසා හෝටලය තුලය.
පොලිසිය විසින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රින් දෙදෙනාගෙන්ද කටඋත්තර ලබාගැනිමට නියමිත බව අධිකරණය ට පවසා තිබුණි.