ත්‍රිරෝද රියදුරන් ඔත්තුකරුවන් ලෙස යොදාගැනිමට සැලැස්මක් ?

0
128

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් විශාල සේවාවක් ලබාගත හැකි බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඒ සඳහා ඔවුන්ට පුහුණුවක් ලබාදී සංවිධානාත්ම ලෙස එම සේවාව ලබා ගැනිම ඉතා වැදගත් වනු ඇති බව ඔහු පවසයි.

දෙහිවල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් සරත් වීරසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.
මේ අනුව ත්‍රිරෝද රථවල ඇතැම් රියදුරන් දැනටමත් කාලයක සිට කරගෙන ගිය ඔත්තු සේවාවන් මෙලෙසින් විධිමත් කිරිම ගැන වියත්මගේ අදහස මේ අනුව පැහැදිලි වෙමින් තිබේ.