බෝස්කෝපුරයේදී කාන්තාවක් පහරකෑමකට ලක්වේ ?

0
37

womens rights2018  /02 /  25  ඉරිදා   රාත්‍රි   9.15   ට පමණ  මීගමුව  බොස්කෝ   ආයතනය    ඉදිරිපිට  නිවැසි  කාන්තාවක්වූ  බර්නි   දිල්රුක්ෂි   පෙරේරා    තම   පුතා  පංති   අවසන්වී   ඇති  බැවින් , ඔහු   ගෙනඒමට   තම  නිවසේ  ගේට්ටුව  අසලට   පැමිණි   අවස්ථාවේ   පුද්ගලයෙකුගේ   පහරකෑමට  ලක්වී ඇත.  මෙහිදී   ඔහු   විසින්  අසභ්‍ය වචන කියමින්  පැමිණ    ඇයගේ   හිසට  සහ  බඩට   ඉතාමත් අමානුෂික ලෙස පහරදී ඇත.
මේ පුද්ගලයා විසින් ඔහුගේ ඥාති කාන්තාවකටද පහර දි ඇතැයිද වාර්ථා වේ.
මේ  පිළිබදව  ඇය විසින්  (26දා) මීගමුව පොලීසියේ     පැමිණිල්ලක්     දමා ඇති අතර   ඇය මේ වනවිට  පහරකෑමෙන්  ඇතිවූ  ශාරීරික   අපහසුතාවය  නිසා  මීගමු  රෝහලේ  6  වාට්ටුවට   ඇතුලත්වී   ප්‍රතිකාර  ගනිමින්  සිටී. මෙම පුද්ගලයා අසල්වාසී පදිංචිකරුවෙක් වන ත්‍රීවීල් රියදුරෙකු බව වාර්තා වේ. ස
මේ  පිළිබඳව  තොරතුරු  දැනගැනීම  සඳහා  මීගමුව  පොලීසියේ    ළමා  හා  කාන්තා   කාර්්‍යාංශයේ    නිලධාරිනියකට   ඇමතූ අතර   ඇය   පැයකින්   නැවත  අමතන  ලෙස  අපට  දන්වන  ලදී. ඒඅනුව  දුරකතනයෙන්  වාර ගණනාවක්   ඇමතූ නමුත්   පිළිතුරක්  නොලැබින.