තාප්පය පෙරළෙන තුරු ගම්පෙරළියටත් බේරගන්න බැරිවුණ දළුපත පාසැල් තාප්පය ?

0
479
IMG-20190713-WA0028
තාප්පය කඩාවැටෙන තත්වයක ඇති බව අප ජුලි මාසයේදි පළකර සිටියෙමු.

මීගමුව , දළුපත මහ විදුහලේ අබලන්ව තිබුනු තාප්පය පසුගිය සැප්තැම්බර් 11 දා බිඳවැටින. මෙහි අවධානමක් පවතින බව පැහැදිළි කරමින් අප අපගේ වෙබ් අඩවියේ ලිපියක් පළක⁣ලේ ජූලි 13 දිනය. මාස දෙකකට ආසන්නයේදී තාප්පය කඩා වැටිණි . විදුහල්පති W A M ප්‍රනාන්දු මහතා ප්‍රකාශකළේ කලාප අධ්‍යාපන කාර්‍යාලය ,ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ආදී රාජ්‍ය ආයතන ඉංජිනේරු ආයතනය ආදී රාජ්‍ය ආයතන වලට ගොස් මේගැන සාකච්ඡා කළ බවයි . ගම්⁣පෙරලිය වැඩ සටහන තුළින් රු. ලක්ෂයක මුදලක් අනුමත වී ඇත්තේ මේ අනුවය. නමුත් ඒ සඳහා ලක්ෂ 5 ක් අවශ්‍ය බව ඉංජිනේරු කාර්‍යාලය ඇස්තමේන්තු කර ඇත . තාප්පය හැදීමේ කතාව එතනින් නතර විය .

සැප්තැම්බර් මාසයේදි තාප්පය කඩාවැටුණි.

දිවා කාලයෙහි මෙම තාප්පය කඩා වැටුණේ නම් අනතුරක් සිදු වන්නට ඉඩ තිබුනු බව ප්‍රදේශවාසීන් පවසති. තාප්පය පිළිබඳව ප්‍රශ්ණයේදී
බලධාරීන් මෙම ප්‍රශ්ණය ඉදිරියේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරති
තාප්පය කඩා වැටුනේ පාරටය. දැන් දින හයක කාලයක් පසුවී ඇත . නමුත් තවමත් කිසිදු වගකිවයුත්තෙකු මේ ගැන විමසා බලා කලයුත්තක් නොකරති .
මේ ප්‍රශ්ණය වෙනත් ඉහල මට්ටමක පාසැලකට සිදුවී නම් තත්වය මීට වඩා වෙනස් වන බව කිව යුතුය .
මීට පෙරද අපි සඳහන් කර ඇති පරිදි තාප්පය පෙරලීමෙන් පසුව විශාල ගස් තුනක අවධානමකට මුහුණ දීමට සිදුවී ඇත. දැන් මේ ගස් තුන ඉවත් කිරීමට තාප්පයට මෙන් කල් මරන්නේ නම් කුමන මට්ටමේ අනතුරක් සිදුවේදැයි අප නොදනිමු . ඒනිසා ප්‍රශ්ණය වන්නේ පාසැල් සංවර්ධනය යන පාඨය සැබැවින්ම යථාවක් කළ යුතුව තිබේ.එහෙත් ඒ පිළිබදව ඇත්ත හැගිමක් ප්‍රාදේශිය දේශපාලන නායකයන්ට නැත්තේ නම් ඒ අගනා සංකල්පයන්ද පුස්සක් වනු නියතය.
අද මිගමුවේදි සිදුවෙමින් ඇත්තේ සැබැවින්ම එවැන්නකි..