තායිලන්තයට මාළු වැස්සක් ?

0
320

fish news on tahi web 1(දෙවන සංස්කරණය )තායිලන්තයට මාළු වැස්සක් හැදහැලුන බවත් එහි  ප්‍රමාණය කිලෝ 6800 ක් පමණ වන බවත් ලංකාවේ එක්තරා ජනප්‍රිය වෙබ් අඩවියක් විසින් වාර්ථා කර තිබුණි.
මේ පුවත මෙරට සමාජ ජාල අඩවි ඔස්සේ ඉදිරියේදි තව තවත් ප්‍රචාරය වනු ඇත.
මේ පුවත මුලින්ම මගේ නෙත් ගැටුනේ අප්‍රිකානු වෙබ් අඩවියක ලයික් පේජ් එකක් FB ලයික් ඉල්ලමින් ප්‍රචාරය කර තිබෙන අතරේය.
ඉන් පසු එහි පහතින් සදහන් වු තිබු මුලාශ්‍රයට ගොස් විමසා බැලුවද මාළු වැස්ස පිලිබද කිසිදු පුවතක් එහි සදහන්ව තිබුනේ නැත.
ඊට මද වේලාවකට පසුව යළිත් තායිලන්ත මාළු වැස්සක් ගැන පුවත මගේ නෙත ගැටුනේ ලංකාවේ එක්තරා ජනප්‍රිය පුවත් වෙබ් අඩවිය FB පිටුවක් අතරේය.
වහාම මම ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් එය විමසා බැලුවෙමි.
එකි මාළු වැස්ස පිළිබද මුලාශ්‍රය ගැන කිසිදු සදහනක් එහි නොවුනද ඒ පුවතට අනුව මාළු කිලෝ 6800 ක් අහසින් වැටි තිබුන බව එහි සටහන් කර තිබුණි.
මේ තුල මතුවු කුතුහලය නිසාවෙන් ඒ මොහොතේ අන්තර්ජාලයේ රැදි සිටින මගේ තායිලන්න මිතුරු මිතුරියන් කව්දැයි විමසා බලන්නට වුයේ මාළු වැස්ස ගැන වැඩි විස්තරයක් දැනගන්නටය.
ඒ සදහා සුදුසුම කෙනා වු තායිලන්තයේ ජනප්‍රියතම පුවත් වෙබ් අඩවියක් පවත්වාගෙන යන චිරන්තු නෙත ගැටුණි.
මා ඇගෙන් විමසා සිටියේ තායිලන්තයේ මාළු වැස්සක් ඇද හැලුනේද යනුවෙනි.
ඇය පුදුමයට පත්වෙමින් පිලිතුරු සටහන් කර තිබුනේ එවැන්නක් සිදුව නැති බව බවය. පසුව මා ලංකාෙව් වෙබ් අඩවියක පළව තිබු මාළු වැස්සේ පින්තුර සහ ඒ ලින්ක්  ඇයට යැවිමි.
එය බැලිමෙන් පසු ඇය කියා සිටියේ ඒ ඡායාරූප චිනයේ මාළු ට්‍රක් රථයක් පෙරළිමෙන් පසුව පාර පුරා හැලුණු මාළු ගැන වු ඡායාරූප බවය.
පසුව ඇය එම පුවතට අදාලව විස්තර සහිත තායිලන්ත වෙබ් අඩවි සහ මාධ්‍ය ආයතන වල ලින්ක් මා වෙත එවිය.
ඒ සියල්ල විමර්ශනය කළ පසු පැහැදිලි වුයේ චිනයේ Guizhou, නම් ප්‍රදේශයේදි මාළු පටවාගෙන ගිය ට්‍රක් රථයක පිටිපස දොරක් විවෘතවිම හේතුයෙන් මාළු බිමට හැලෙන්නට පටන්ගෙන ඇති බවයි.
මෙහි පෙට්ටිවල අසුරා තිබි ඇත්තේ catfish නම් වු මාළු විශේෂයයි.
චින සොල්දාදුවන් ගිනි නිවන භටයන් සහ මහජනයා එක්ව මේ මාළු තොගය පාරෙන් අයින් කිරිම සදහා මහත් වෙහෙසක් ගත් බවත් තායිලන්ත මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණි..
මේ නිසා විශාල වාහන තද බදයක්ද ඇතිව තිබුන අතර ඒ මෙහෙයුම සදහා පැය 2 කක් පමණ කාලයක් ගතව තිබුන බවද සදහන් විය.
මේ සටහන කඩිනමින් ලිවිය යුතු යැයි මා අදහස් කළේ අද ලංකාවේ සමාජ ජාල සහ විශේෂයෙන්ම ඇතැම්  පුවත් වෙබ් අඩවි පවා මුහුණු දෙමින් සිටින බරපතල අර්බුදය ගැන සදහන් කළ යුතුව ඇති නිසාමය.
ඒ බොහොමයක් දෙනා කල්පනා කරන්නේ අදාල පුවතේ මුලාශ්‍ර පිළිබදව නිවරදිව විමර්ශනය කර පුවතක් පළකරනවාට වඩා තමන්ගේ හිට් වැඩිකරගැනිම සදහා කිසිදු වගවිභාගකින් තොරව දේවල් පළකරගතයුතුය කියාය.
මේ නිසා අද  ලංකාව තුල වෙබ් මාධ්‍ය කලාවේ විශ්වසනියත්වය පිළිබද ඇතමුන් කරනු ලබන චෝදනාවට සෘජු ලෙසින් වගකිව යුතුය ඇත්තේ මෙවැනි පුවත් පළකරන අයවලුන් විසිනි.
මේ දිනවල සමාව ඉල්ලමින් පුවත් පළකරන වෙලේ සුදා සහ නිළියන් ගැන ගොසිප් කථා ගැනද කියන්නට වන්නේ මේ ටිකමය.
ඇදහැලුණ නැති මාළු වැස්සක් ගැන ලියනවාට වඩා වෙළේ සුදා සහ නිළියන් ගැන ප්‍රබන්ධය බරපතලය.
මේනිසාම අන්තර්ජාලයේ ඇති මෙැවනි දෑ අනික් අය හා බෙදාගන්නට කලින් ඒවා ගැන සැකහැර දැනගැනිමේ වගකිම රැදෙන්නේ ඒවා බෙදාහරින්නන් සහ ප්‍රසිද්ධ කරන්නන් අතේය.
මාරක ගුවන් අනතුරු ගැන ඇති සිය ගණන් වු පුවත් දෙස බැලිය යුතුව ඇත්තේද තායිලන්තයේ මාළු වැස්ස ගැනද මතක් කරගනිමිනි.

මාළු වැස්ස ගැන වෙබ් පුවත

 

ඝානාවේ වෙබ් අඩවියක්ද මාළු වැස්ස ගැන පළකර තිබෙන අයුුරු

සබැදි වෙබ් අඩවි

http://www.spyghana.com/later-day-manner-falls-in-thailand-as-fish-rain-over-streets/?hc_location=ufi

 http://www.thairath.co.th/content/487892