තායිලන්තයේ ‘ශ්‍රී ලංකා නයිට්’ ජනාධිපති වර්ජනය කරලා !

0
90
තායිලන්තයේ 'ශ්‍රී ලංකා නයිට්' ජනාධිපති වර්ජනය කරලා !

පසුගියදා තායිලන්තයේ නිළ සංචාරයක යෙදුණු, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට පිළියෙල කර තිබූ ‘ශ්‍රී ලංකා නයිට්’ උත්සවය වර්ජනය කළ බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටී. මෙසේ ජනාධිපතිවරයාට එම උත්සවය වර්ජනය කිරීම සඳහා හේතුවී ඇත්තේ එකී උත්සවය විචිත්‍රවත් කිරීමට ඇතුළත් කර තිබූ අංගයකි. මෙම නර්තන අංගය ශ්‍රී ලංකා නයිට් උත්සවයේ සංවිධායකයන් භාරදී තිබුණේ ‘චන්න-උපුලි’ රංගායතනයටය.
උත්සවයට සහභාගිවීමට කලින් කවරෙකු හෝ මේ පිළිබඳව ජනාධිපතිවරයාට දන්වා තිබිණි. එයින් දැඩිසේ කෝපයට පත්වී ඇති ජනාධිපතිවරයා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ නිළධාරීන් කැඳවා මේ පිළිබඳව විමසා ඇත. පසුව ඔවුන් ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ මෙම නර්තනාංගය පවරා ඇත්තේ පසුගියදා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දුන් චන්න විජේවර්ධන හා උපුලි පණීභාරත යන රංගන ශිල්පීන්ට බවය.
එහිදී ජනාධිපතිවරයා කෝපයෙන් යුතුව පවසා ඇත්තේ ‘මම පත්කරපු කොමිසම චන්නලාට උපුලිලාට විරුද්ධව පරීක්ෂණ පවත්වද්දි මම සහභාගි වෙන උත්සවවලට ඒ අයවම ගෙන්නුවම ඒක කොමිසමේ සාමාජිකයන්ට කරන මදිපුංචිකමක් කියල තේරෙන්නැද්ද ? මේක එහෙමපිටින්ම ජනාධිපති කොමිසම හෑල්ලුවට ලක්කිරීමක්. ලංකාවෙ නර්තන කලාවෙ ඉන්නෙ චන්නයි උපුලියි විතරද ?  තාමත් පරණ ආණ්ඩුවෙ අවතාර මේ පැතිවල හොල්මන් කරනව වගේ’ කියාය. එසේ පැවසූ ජනාධිපතිවරයා උත්සවයට සහභාගිවීම දැඩිලෙස ප්‍රතික්ෂේප කොට තිබේ.
ජනාධිපතිවරයාගේ තීරණයෙන් ‘ශ්‍රී ලංකා නයිට්’ උත්සවයේ සංවිධායකයන් දැඩි අසීරුවකට පත්ව තිබේ. කෙසේ වුවද විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා තනිවම උත්සවයට පැමිණ විනාඩි 10 ක් 15 ක් පමණ එහි රැඳී සිට පිටත්ව ගොස් තිබේ. මේ වනවිට තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය වශයෙන් කටයුතු කරන්නේ රාජපක්ෂ රජයේ විදේශ අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කළ ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මියයි.
http://sinhala.lankanewsweb.net

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here