මාලදිවයින ගුවන් සේවයට අයත් කිව්.26351 දරන එම විශේෂ ගුවන් යානය ඊයේ 17 දින රාත්‍රී 7.30 ට තායිලන්තයේ , බැංකොක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය තුළ සිටි මුළු ගුවන් මගීන් සංඛ්‍යාව 70 ක් වූ අතර , එම 70 දෙනාම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කර තිබේ.
අදාල සෞඛ්‍ය පරික්ෂා වලින් පසුව මේ පිරිස ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා , යොමුකෙරුණි..
.කොරෝනා වසංගත තත්ත්වය නිසා විදේශ රටවල් 143 ක සිටින තවත් ශ්‍රී ලාංකිකයෝ 38,983 කට අධික සංඛ්‍යාවක් ආපසු මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසා සිටි.
ඒ අනුව එම රටවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් 3,078 ක්,කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් 4,040 ක්, සංක්‍රමණික ශ්‍රමිකයන් 27,854 ක්, ඔවුන්ගෙන් යැපෙන්නන් 3,527 ක් සහ ද්විත්ව පුරවැසියන් 484 ක් සහ වෙනත් අය ද මෙම පිරිසට ඇතුලත් වන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සදහන් කර තිබේ.
මුලාශ්‍රය – ලංකාදිප වෙබ් අඩවිය