තාරකයාණෝ නැවත වරක් පුංචි රෝමයේ දී

0
141

tharakayano දෙවියන් වහන්සේ මිනිසාට විවිධ තලෙන්තු දී ඇත්තේ උන්වහන්සේව මහිමයට පත් කිරීමටයි. පුංචි රෝමය මීගමුව කලාකාමීන්ගේ හා ධිවර ප්‍රජාවගෙන් ආශිර්වාද ලත් ගමකි. මෙහි ජිවත්වන කලා කාමීන් තම කුසලතාවයන් බෝහෝවිට උපයෝගී කරගෙන ඇත්තේ අප ස්වාමි වූ ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ ‘ගැලවීමේ සුපුවත‘ ලොවට ගෙන ඒමටයි. කිතුනු විශ්වාසය වර්ධනය කිරීමටයි. ඒ නිසා විවිධ නට්‍ය, නාඩගම්, ගීතිකා, බිහි විය. කතෝලික සාහිත්‍යට මූලික වූයේ මෙම කලා කරුවන්ගේ දායකත්වයයි. (උදා පසං ගායනය, රජතුන් කට්ටුව, යාගය, කල්වාරියේ දෝංකාරය මින් සමහරකි. ඒ අතර කිතුසමිඳුන්ගේ දුක් ප්‍රාප්ති ප්‍රසංග භක්ති අභ්‍යාස ලෙසින් රඟදක්වන ලදි. වර්තමාණයේ දී මීගමුව කලාකරුවන් එක්වී තවත් පියවරක් ඉදිරියට තබමින් “තාරකයාණෝ “ ලෙස ලෝකය මැවීමේ සිට සමිඳුන්ගේ උත්ථානය දක්වා කතා පුවත බැලේ කලාව මගින් අභිරූපණ ආකාරයට විශිෂ්ඨ පාස්කු දර්ශණයක් වසර කිහිපයකට පෙර එළිදක්වන්නට යෙදුනි. මෙය විශිෂ්ඨ භක්ති අභ්‍යාස කලා කෘතියකි. එය නැරඹූ බොහෝ විචාරකයින් මෙය අගය කලහ. මෙවර ද කිතුනු කලාකරුවන්ගේ විශිෂ්ඨ රඟ දැක්වීම මගින් මීගමු කඩොල් කැලේ ඉදිවන දැවැන්ත එළිමහන් රංග පීඨයේ දී 2016 03 22 දින එළි දැක්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. මෙම රඟදැක්වීම තුල ධ්‍යාන ගතවීමට ඔබටත් ආරාධනා කරනු ලැබේ.

දේශබන්ධු ආචාර්ය අතිගරු

පැට්‍රික් පෙරේරා පියතුමා

මීගමුව කලාපීය නාහිමි