ලංකාවෙ ඈත ගමක ගෑණු කෙනෙක්ට දරුවන් පස්දෙනෙක් හම්බවුණා කියල දැනගන්න ලැබුණොත් ප්‍රවෘත්තිය ලැබෙන සයිස් එකේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙ යාන්ත්‍රණයක් හැම ලොකු මීඩියා ආයතනයකටම වගේ තියෙනවා. (අනිද්දා වගේ මීඩියාවලට එහෙම යාන්ත්‍රණයක් නෑ.)
ඒත් මැයි මාසෙ අග මේ කියන සිද්ධිය වෙලා දවස් ගාණක් යනතුරු කිසිම ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් දැනගත්තෙ නැද්ද. දැනගෙන කිව්වෙ නැද්ද. ඈත ගම්වල තියෙන පුංචි කුණු ගොඩවල් පියාඹලා ජාතික මාධ්‍ය වෙත එන්නෙ.
ගිය බ්‍රහස්පතින්ද අපේ රේඛ මේක දැනගෙන, කෝල් වටයක් ගිහින් වින්දිතයන්ගෙ කන්ටැක්ට් හදාගෙන ප්‍රවෘතතිය පත්තරේට ගත්ත. ඒත් හරිනං ඊට ගොඩක් කලින් ජාතික මාධ්‍ය වලට මේක ප්‍රවෘත්තියක් වෙන්න තිබුණ.
අපි ලිව්වට පස්සෙත් ප්‍රවෘත්තිය වෙන මාධ්‍යවලට ආවෙ නෑ. අපි ලියපු වෙන ලිපි වලට නං මාධ්‍ය වලින් ප්‍රතිචාර ආව. ඒක මේ සතියෙ ගයාන් ගාල්ලගේ ප්‍රමුඛ ෆේස්බුක්හි ලියන්නන් ගණනාවක් ලිව්වට පස්සෙ තමයි ඇවිලුණේ. ඊට පස්සෙ තමයි ජාතික මාධ්‍යවලට හා පොලීසියට පවා ප්‍රශ්නයක් වුණේ. (ගයාන් ගාල්ලගේ පවා ජාතික ඉරිදා පත්තරයක ප්‍රවෘත්ති කතුවරයෙක්. ඇතැම්විට ඔහුට පවා පත්තරේ යම් සීමා ඇති.)
ඇත්තටම අපි විමසන්න ඕන මේ සිද්ධිය ඔය ප්‍රදේශයෙ ඉන්න ප්‍රාදේශිය මාධ්‍යවේදීන් දැනගත්තෙ නැද්ද? ප්‍රධාන මාධ්‍ය ආයතනවලට මේ සිදුවීම ආවෙ නැද්ද. කාටවත් මේක ප්‍රවෘත්තිමය ගැටලුවක් කියල දැනුනෙ නැද්ද.
ටැමිල් මීඩියා වලින් අරන් දෙමළ දේශපාලන නායකයන් කරපු, මිනිස්සුන්ගෙ බය ඇවිස්සෙන කතා ලියපු මාධ්‍ය, මේ සිදුවීම ටැමිල් මීඩියා වලින්වත් දැක්කෙ නැද්ද..
ලංකාවෙ ප්‍රොටෙස්ට් වෙන්න ඕන මේ වගේ සිද්ධියක්වත් ජාතික මාධ්‍ය වලට ප්‍රවෘත්තියක් නොවීම ගැන.. ෆේස්බුක් ඇවිලුණාට පස්සෙ ප්‍රවෘත්තියක් වීම ගැන. මේ දරුවාගේ ජනවර්ගය මොකක්ද කියන එක පැහැදිළිවම මේ ප්‍රවෘත්තියට සම්බන්ධයි.
මේ එකම සිදුවීම නෙවෙයි. මේ වගේ මිනිසුන්ගෙ අයිතිවාසිකම් කැඩීමේ සිදුවිම් සිය ගණන් සිද්ධවෙනව. ඒව ප්‍රවෘත්ති නොවීම මහා බරපතළ ප්‍රශ්නයක්. අපේ රටේ මේ වගේ සිද්ධි විශාල වශයෙන් සිද්ධවෙනව. සමහර ඒව අපි දැනගන්නෙ සෑහෙන කාලෙකට පස්සෙ. මොකද අපට රට වටේ වාර්තාකරුවන් හයර් කරන්න බෑ.
අපි මුලින් ප්‍රොටෙස්ට් කරන්න ඕනෑ පොලීසිය ගැන නෙවෙයි. මේවා පුවත් නොවීම ගැන. මුලින්ම ලංකාවෙ මේ වගේ සිද්ධි කොච්චර වෙනවද කියල අපි දැනගන්න එපැයි. ඊට පස්සෙ පුලුවන්, පොලීසිය ගැන කාකරන්න!!!!
අනෙක අපි ඔය ප්‍රධාන ධාරාවෙ ප්‍රවෘත්ති මීඩියා වලට ඩිරෙක්ට් ඇටෑක් කිරීමේ සංස්කෘතිය දිරිමත් කරමින් ශක්තිමත් කරන්න ඕනෑ… විකල්ප මීඩියා අවකාශ තව තවත් හදාගන්න ඕනෑ….
තරිදු උඩුවරගෙදර