තැන තැන මාලකඩන හොරුන් දෙදෙනෙකු කුරණ දී මාට්ටු වෙයි

0
184

DSC_1413
(15.24pm)කොච්චිකඩේ,  සීදූව  ,  කටුනායක  ,  වත්තල  ,   රාගම  වැනි  ප්‍රදේශවල සැරිසරමින්  කාන්තාවන්   ගෙලපැළදි   මාලකඩා ගන්නා   සොරුන්  දෙදෙනෙකු
ඊයේ (9දා)  අත්අඩංගුවට  ගැනීමට  මීගමුව  පොලීසියේ කොට්ඨාශ  විෂමත්ද්‍රව්‍ය  ඒකකය  සමත්වී  ඇත. වයස  අවුරුදු  34ක්  සහ  වයස  අවුරුදු  40ක්  පමණ  වූ
මෙම  දෙදෙනා   පමුණුගම  , උස්වැටකෙයියාව  සහ  බෝපිටිය  යන  ප්‍රදේශයන්හි     පදිංචිකරුවන්ය.  මෙම  සොරුන්  දෙදෙනාගෙන්  අවුරුදු  40  වයසැති
පුද්ගලයා  විවාහක  වන  අතර   දරුවන්  තිදෙනෙකුගේ  පියෙකි.

මෙම  සොරකම්  සදහා  යතුරුපැදි  දෙකක්  භාවිතා  කරඇත.  ඉන්  එකක්  (W P -B E Z  8759)   යමහා  වර්ගයේ  එකකි.  අනෙක්  යතුරුපැදිය  හොන්ඩා ( හොනට්
වර්ගයේ ) එකක්    බවත්  එහි  අයිතිකරු  සහ  යතුරු  පැදිය  අත්අඩංගුවට  ගැනීමට  තිබෙන  බවත්  පොලීසිය  සදහන්  කරයි.

කඩන ලද  මාල  10 යේ  බර  ග්‍රෑම්  120ක්  පමණ වන  අතර   වටිනාකම  ලක්ෂ 15ක්  පමණ  බව  පොලීසිය  පවසයි.  මේවා  මීගමුව,  ජාඇල   පුද්ගලික  රන්
ආභරණ    සාප්පු වලට   උගස්  තබා  ඇත.  හෙට  දිනයේ  මෙම    සොරුන්  දෙදෙනා  අධිකරණයට  ඉදිරිපත්  කිරීමට  නියමිතය.
මෙම  මෙහෙයුම  සදහා  කොට්ඨාශ  විෂමත්ද්‍රව්‍ය  ඒකකයේ  ස්ථානාධිපති   චාමර  ප්‍රදීප්  මහතා  ,පො.කො. 60490   -සෙනෙවිරත්න ,පො.  කො. උපුල් ( 62765  )පො. කො අබේවික්‍රම(63353 )    පො.කො. නිශාන්ත  (72471 )   ඇතුළු  පිරිස  සහභාගී වූහ.


සැම්සන් ඥානසිරි