තිදෙනකු යටකරගෙන ඩිමෝ බට්ටා පලා යයි.

0
83

ජනවාරි 22 වනදා සවස 4 ට පමණ කටාන ජයමාවත හංදියේදි සිදුව ඇති රිය අනතුරකින් දෙදෙනකු මියගොස් එක් අයෙක් බරපතල තත්වයෙන් රෝහල්ගත කර ඇත.
පුද්ගලික පංතියකට සහභාගිව සිටි සිය මිනිපිරියන් දෙදෙනා යතුරු පැදියක නංවාගෙන නිවස බලා යන අතරේදි ඩිමෝ බට්ටා වර්ගයේ කුඩා ලොරි රථයක් මේ අයව හප්පා පලා ගොස් ඇත.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වයස  අවුරුදු 65 ක්ව බුල්ඩෝසර් ක්‍රියාකරවන්නෙකු වු ගිල්බට් මාක් ප්‍රනාන්දු නැමැති දෙදෙරු පියෙක් සහ ඔහුගේ මිනිපිරියය. ඇය 14 වියැති මීගමුව විද්‍යාලංකාර විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිත්මි නටාෂාය
පාපැදියේ ඉදිරිපස සිටි 7 හැවිරිදි කාවින්ද්‍ය නවෝද්‍යා දැරිය මේ වන විට කොළඹ මහ රෝහලේ දැඩි සත්තකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.

මෙම මරාන්තික අනතුර සිදුකර පළාගිය ලොරි රථ රියදුරා වාහන අංකය අසල අයෙක් වු සටහන් කරගෙන මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් විමසා දැනගෙන ඇත්තේ ඔහු කටානේ බටපත්තලගෙදර ප්‍රදේශයේ පදිංචි අයෙක් බවය.
පසුව ඔහු සොයා යන අවස්ථාවේ වාහනය සගවා තබා තිබියදි සොයා ගෙන ඇති අතර පසුව ඔහුව මීගමුව පොලිසිය වෙත භාර දි ඇත.