ඈත පෙනෙන නිල්ල දිලෙන
කදු තරමට උසයි සිහින
සිලිං කවරයක් පිරෙන්න
නැතත් දවස සරි කෙරුමට
පහන් පැලට ණයට ගත්තු
තෙල් බිඳ වැය කළත් නිබඳ
අහන් ඉන්න බවක් නොමැත
දෙවියන් අපි යදින යැඳුම
සදළු තලය උඩට වැදී
මුකුළු කරන සඳ සාවිය
උදලු තලය වදින බිමෙහි
එකලු කරන හැඟුමත් නැත
ඉම නොපෙනෙන මඟට වැටී
සතුට ඇතැයි සිතා සොයන
පස් අතරේ ගලක වැදී
මොට වෙයි නිති උදලු තලය
වැගිරෙන තරමට දාඩිය
නොවේ ඉසුරු පල ලන්නේ
වැතිරෙන තෙක් යන නින්දේ
දුකමද අපි වළදන්නේ
ඡායා – අජිත් සෙනවිරත්න
සටහන – නිශ්මං රණසිංහ
උපුටා ගැනීම
http://thecolombopost.net/?p=24370%3D