තිඹිරිගස්කට්ටුව කැළඹූ පාර්සලයේ හිමිකරු අත්අඩංගුවට

0
183

(12.23pm)ඊයේ (24) වනදා කටාන-තිඹිරිගස්කට්ටුව ප්‍රදේශයේ සාමාන්‍ය හෝටලයක අහිතිකරුවෙක් නොමැති පාර්සලයක් හමුවීමෙන් ඇතිවූ කලබලය නිසා එම ස්ථානයට ආරක්ෂක අංශ පැමිණ එම පාර්සලය පුපුරුවා හැර තිබුණේ පෙරවරු 11.10ට පමණය. පසුව ආරක්ෂක අංශ වෙතින් වාර්තා වූයේ එය බෝම්බයක් නොවන බවත් රස පරීක්ෂනය සදහා එම කොටස් යැවූ බවත්ය. මෙම පාර්සලයේ අයිතිකරු වන තිඹිරිගස්කට්ටුවේ පදිංචි ශාන්ත ජයරත්න (53) මහතා අද කටාන පොලිසිය විසන් අත්අඩංගුවට ගෙන ඇත.  කාර්මික ශිල්පියෙකු  වන මොහු නිවෙස් වලට ගොස් වයරින් වැඩ සහ වෙනත් කාර්මික සේවාවන් සපයන්නෙකි.  මහජනතාව බියගැන්වීම සහ  තැතිගැනවීමේ  වරදට යටතේ කටාන පොලීසිය විසන් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කිරීමට ඉඩ නියමිතය.k2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here