තිරංග හරි හැටි කි‍්‍රයාත්මක නොවීමෙන් සිදු වූ අනතුරක්

0
93


මෙම අනතුර සිදු වී තිබුනේ 64 වැනි නිදහස් දිනය සමරණ පෙබරවාරී 04 වැනි සෙනසුරාදා දිනයි. එදින පෙ.ව. 11.00 ට පමන, මාර්ග අංක. 251 දරණ මීරිගම- මීගමුව  බස් මාර්ගයේ ධාවනය වන මෙම බස් රථය පැමිණ තිබුනේ මීරිගම සිටය. එය මිරිගමින් පිටත් වී ඇත්තේ පෙ.ව. 9.25 ට පමනය. කොප්පරා හංදියෙන්, මහා වීදිය පාර හරහා එය මීගමු නගරයට පැමිණෙමින් තිබිණි. මීගමුව ලූණුකඩ හංදිය හෙවත්  ඉඩම් රෙජිස්ටාර් කාර්්‍යාලය ඉදිරියෙන් වූ තම්මිට පාර ( උඩයාර්තෝප්පුව පාර)  දෙසින් පයින් ආ කුඩා ළමුන් කිහිප දෙනෙකු බස් රථයේ ගැටේ වී යැයි සිතූ රියදුරු එකනෙහිම බස් රථයේ තිරිංග කි‍්‍රයාත්මක කලේය. එහෙත් අවසනාවකට තිරිංග කි‍්‍රයාත්මක නොවුණි. ක්ෂණයෙන් තම්මිට පාරට  හැරෙන තුංමන්හංදිය අසල ඇති ප‍්‍රධාන විදුලි කනුව කොටස් 03 කට කැඩෙන සේ මෙම බස් රථය සුවිශාල හ`ඩක් ද නංවමින් එහි ගැටිණි. නිවාඩු දිනයක් නිසාවෙන් වෙනත් සෙනසුරාදා දිනයක ධාවනය වන රථවාහන ද එලෙසම මේ ප‍්‍රදේශයේ ගැවසෙන ජනතාවද අඩු වී තිබ්ිණි. එලෙසම අනතුර සිදු වන විට බස් රථයේද සිටියේ 10 දෙනෙකු පමන අඩු මගීන් ගනනකි. ඒ නිසාම මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකුට හෝ වෙනත් රථවාහානයකට හෝ එලෙසම බස් රියදුරු , සහයක සහ මගීන් ඇතුඵ කිසිවෙකුටවත් මෙම අනතුරෙන් තුවාල සිදු නොවුණි.

සටහන සහ ඡායා – තුෂාර රොහාන්