එංගලන්තෙ ගිය ආබාධිත බටූගෙ කතාව මීට කලින් අපි පලකලා ඔයාල දකින්න ඇති. මේත් ඒ වගේම අවාසනාවන්ත වාසනාවන්තයෙක්, දුම්රිය අනතුරකින් මූණෙ ඉදිරිකොටස අහිමි වෙලා මහපාරක් අයිනෙ වැටිල ඉන්න තරම් අවාසනාවන්ත උන මේ පුංචව අපි ගිහින් බේරගෙන බව් ඉස්පිරිතාලෙ නේවාසික ප්රතිකාර වලට යොමු කරල ලස්සන නමකුත් දුන්නා ‘ජබුං ! පස්සේ වැඩිදුර ප්රතිකාර වෙනුවෙන් බව්බව් Transport එකේම ගාල්ල Animal SOS එකට ගියපු ජබුං අන්තිමට නතර උනේ එංගලන්තෙන්. ඒ එංගලන්තෙ ආදරණීය පවුලක් ජබුංට සෙවණක් දෙන්න ඉදිරිපත් වුණ නිසා. ජීවිත වෙනස් වෙන හැටි පුදුමයි.
උපුටා ගැනිම – බව් බව් සංවිධානයේ මුහුණු පොතෙන්