තිල්ලන්දූව පල්ලිය පිටුපස කාණුව නිසා ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය අනතුරේ

0
774

තිල්ලන්දූව පල්ලිය පිටුපස ඇති ජලය ගලා නොබසින කුඩා කාණුවකින් ඒ අවට ප්‍රදේශවාසීන්ට කර ඇති හදිය මෙහි දක්වා ඇත්තේ එය සුළු පටු නොවන බැවිණි.
පවුල් කීපයක්ජීවත්වන මෙහි ඩෙංගු රෝගීන් සෑම ගෙදරකම සිටිනා බව එම නිවැසියන්   පවසා සිටියේය. ඒම නිවාස අසල අලුතින්  තනා ඇති කාණුවක් පිහිටා ඇති අතර එහි ජලය  බැස යෑමක් නොමැති අතර ජලය පල්වී මදුරුවන් පිරී ඇත. මෙම කාණුව  තවත්මහා කාණුවකට සම්බන්ධ වන අතර මහ කාණුවට ජලය ගලානොයන හේතුව නම් මහා කාණුව උසින් වැඩි විමය.එසේ නම් මෙහි  වරද ඇත්තේ මෙම කාණුව  සැකසීමේදී මේ  කාරනාව සැලකිල්ලට ගෙන නොතිබිමය. මිගමුව මහ නගර සභාව විසින් ඉදිකර ඇති මෙම කාණුව නිසා ඒ අවට ඩෙංගු උණ ව්‍යාප්තියට හේතුවක් වී ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරති.

????????????????????????????????????