තුර්කි ගුවන් සේවයත් ඉතාලියට යාම තාවකාලිකව නවතා දමයි !

0
71

turkish-airlines(2)ඇමරිකාවේ (USA) කොරෝනා වෛරසය වැලදීමෙන් මියගිය පළමු මරණය වාර්තා වී තිබේ.ඇමරිකානු ජනාධිපතිවරයා එරට දනතාවට ප්‍රකාශ කර ඇත්තේ ඉතාලියේ ඇතැම් ප්‍රදේශ වලට සංචාරය කිරිමෙන් වලකින ලෙසට බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.මෙම කොරෝනා වෛරසය සමස්ත ලෝක වාසි ජනතාවටම මේ වන විට තර්ජනයක් වී තිබේ.

ඒ අනුව රටවල් 50 ට අධික ප්‍රමාණයකට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී තිබේ.එම රටවල් අතර චීනයට පසු වැඩිම කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස වාර්තා වන්නේ කොරියාව සහ ඉතාලිය යන රටවල් වලිනී.ඊයේ දිනයේ පමණක් කොරියාව තුල කොරෝනා වෛරසය ආසාදිත වූ පිරිස 823 ක් ඉක්මවා තිබේ.එක් දිනයක තුල වැඩිම රෝගින් ප්‍රමාණයක් වාර්තා වීමත් සමග කොරියානු රජය විසොන් එරට ජනතාවට නිවෙස් වලම සිටින ලෙස දන්වා තිබේ.

කොරියාවේ එසේ වාර්තා වන විට ඉතාලියේ මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත වූ පිරිස 1049 ක් බවට වාර්තා වූ අතර මරණ සංඛයාව 29 ය දක්වා වැඩිවී තිබෙන බවත් කොරෝනා වෛරසය ආසාදනය වී නැවත සුව වූ පිරිස 50 ක් ලෙසත් ඊයේ රාත්‍රිය වන විට වාර්තා විය.
(ඉතාලි වග කිව යුතු මාධ්‍ය ගනනාවක් වාර්තා කර තිබුනේ මේම ගනනග කිරීම් ය.)

මේ වන විට ඉතාලිය හුදකලා වෙමින් තිබේන බව පෙනි යන්නේ කුවේට් ගුවන් සේවය සහ තුර්කී ගුවන් සේවය ඉතාලිය දක්වා කරන ගුවන් ගමන් අත්හිටුවීමත් සමගය. දස දහස් ගානක් ජනතාවන් නිරෝධනයට ලක් කරමින් රෝගින් 1049ක් සොයා ගැනීමට හැකී වී තිබුනත් කොරියානු රජය මෙන් ජනතාව නිවෙස් වල සිටිය යුතු බවට හෝ මුඛ ආවරන පැළදීම අනිවාර්ය කර නැත.මෙම වසංගතය විනාශ කිරීමට නම් ඉතාලි රජය ඉතා ඉක්මනින් ජනතාව නිවෙස් වල තබා චීනය,කොරියාව මෙන් මෙම පරිසරයේ(වාතයේ) ඇති covid-19 වෛරසය විනාශ කල යුතුයව තිබේ.ඒ සදහා වෙනත් රටවල් විශබීජ නාශක දුම් සහ බෙහෙත් කුඩු ඉසිම සිදු කරයි.එහෙත් ඉතාලිය තවමත් එම ක්‍රියාවලියට ප්‍රමාද වී තිබේ.

කෙසේ වෙතත් රතු නිවේදන නිකුත් කල ප්‍රදේශ වල ජනතාවට සහනයක් වීමේ අරමුණ ඇතිව ලබන මැයි මාසය දක්වා ගෙවීමට නියමිත බදු,බිල්පත් වලින් එම ප්‍රදේශ වල ජනතාව නිදහස් කර තිබේ.

දැනට එම රතු නිවේදන නිකුත් කල පළාත් අතරින් ලොම්බර්දියා පලාතේ ශ්‍රී ලාංකිකයක් පිරිසක් කොටුවී සිටින බවත් ඔවුන් නිරෝගි සුවයෙන් පසුවන බවත් වාර්තා වේ. රජය විසින් ඉදිරි ක්‍රියා මාර්ග අනු ඇති බවට විශ්වාස කරන අතර ශ්‍රී ලාංකික ජනතාව වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් වැඩි වශයෙන් උණු වතුර පරිහරණය කිරිම සහ නිතර රස්න හුමාලය, උණුවතුරෙන් උගුර සේදිම,නිතර සබන් යොදා දෑත් උණු වතුරෙන් හොදින් සේදීම,ගම්මිරිස් ,සුදු ළූණු, ඉඟුරු වැඩි වශයෙන් අහාරයට ගැනීම මෙම කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැලකී සිටිමට ප්‍රධාන උකුලක් වන බව දේශීය වෛද්‍යවරු, මහාචාර්යවරු,සදහන් කර සිටි.

ලක්දේස් විජේසිංහ -මිලානෝ ඉතාලිය