තුවක්කු ,බ්‍රීෆ්කේස් සහ සමානාත්මතාවය

0
65

Web-Image-2x3-300x199

බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්  ක්‍රියාත්මක වන ‘බුරුම සහයෝගීතා’ සංවිධානය විසින්
“Guns, Briefcases and Inequality: The Neglected War in Kachin State,”
නමින් කෙටි වාර්තා චිත්‍රපටයක් මුදාහැර තිබේ. මෙම චිත්‍රපටය මගින්  ඔවුන් ලෝකයට හඬගා කියා සිටින්නේ   බුරුමයේ ජීවත් වන සියලූම ජාතීන් තවමත්
නොවිදින නිදහස මෙන්ම හමුදා පාලනය තුළ අත්දකින්නට සිදුවී ඇති විෂමාකාර අත්දැකීම් හා හිංසනයන් පිළිබඳයි. ජනාධිපති ‘තායි සේන්’ විසින්  සාමය වෙනුවෙන්  ඔහු  ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ග කෙතරම් ජයග්‍රාහී ඒවාද යන්න ඔහු   ජාත්‍යන්තර ලෝකයට කියා සිටියත් , අභ්‍යන්තර  තත්ත්වය ඉදුරා වෙනස් බව
බුරුමයේ ජීවත්වන සුළු ජාතීන් මේ වන විට මුහුණ දෙන ගැටලු විසින් කියාපායි.  සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන විපක්ෂ දේශපාලන ක්‍රියාධරයන් මෙන්ම   අහිංසක සුළු ජාතික ජනතාව සිය  බුරුම හමුදා පාලනයේ දරුණු  මර්ධනයකට මුහුණ දෙති.
තායි සෙන් ගේ රජය විසින් බුරුමය තුළ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිලාභ  සියලූම ජාතින් වෙත  අසම සමව නොලැබෙන බවත්  ජාතීන් අතර ස්ථීර සාමයක් වෙනුවෙන්  වැඩපිළිවෙලක් නොමැති බවත් මෙම කෙටි චිත්‍රපටය හරහා ඔවුන් සංවාදයක්  මතු කර තිබේ.