තුවාල කරගත යුත්තේ යකඩ කූරෙන්ද? කානුවෙන්ද?

0
237

1552378204709_DSC_0967

මීගමු  රෝහලට  ඇතුළුවන   පාර  හැඳින්වනුයේ   මෙන්ඩිස්  මාවත  යනුවෙනි.  මෙම  පාරේ  පවතින    අනවසර  රථගාල   පිළිබඳව    සිහිකැඳවමින්  අපි  නිතර   ලිපි  ලිව්වෙමු.  තවමත්  ප්‍රශ්ණය  විසඳී  නැත.  එම  ප්‍රශ්ණය  එසේ  තිබියදී  තවත්  ප්‍රශ්ණ   එකී  ස්ථානය   තුළම   මතුවී    මේ  ස්ථානයෙන්  යනඑන  අයට    කරදරකාරී  තත්වයක්  නිර්මාණය  වී  ඇත.  එක  පැත්තකින්   රෝහලට   මාරිස්ටෙලා  විදුහල  පැත්තෙන්  ඇතුළු  වන  ස්ථානයේ  ප්‍රධාන  පාරේ  අඩි  2  ½ ක්  පමණ  උසකින්  යුතු  යකඩ  කූරක්  අනතුරුදායක  ලෙස   සිටුවා  ඇත.  පසුගිය  දිනෙක  අපගේ  මිතුරෙකුවන  මාරිස්ටෙලා  විදුහලේ  ගුරුතුමෙකු  මෙම  යකඩ  කූරෙහි  පැටලී  වැටෙන්නට  ගොස්  අනූනමයෙන්  බේරී  ඇත.  රෝහලට   ඇතුළුවන  සහ  පිටවන  අයගෙන්   බහුතරයක්  දෙනා(  රෝගී  සහ  නිරෝගී  ) ඉතා  කලබලකාරී    ලෙස  යන එන  බැවින්   මේ  මගින්   අනතුරක්  වීමේ   ඉඩ කඩ  වැඩිය.  මේ  වනවිට  යකඩකූර  වැසෙන  සේ   ටයරයක්  එල්ලා  ඇත.  ඒ  මෙම  ස්ථානයේ  ත්‍රිවිල්  සංගමයේ  සාමාජිකයින්   විසිනි.    ඔවුන්  ප්‍රකාශකරන්නේ  මේ  කානුව  සහ  යකඩකූර  නිසා   මිනිස්සු  ඉතා  අපහසුවෙන්  ගමන්  කරන  බවත්,  සමහරු මෙහි  වැටෙන  බවත්ය. යකඩකූර  මෙහි  සිටුවා  ඇත්තේ  මීගමුව  නගරසභාවෙන්   බව  මෙම  ස්ථානයේ  ආරක්ෂාවට  සිටින  පොලිස්  නිළධාරීන්  අප  සමඟ  පැවසීය.  එසේ  සිටුවා  ඇත්තේද   යනඑන අය මෙම  කානුවේ  වැටීමෙන්  වැළකීමට  බව   කියති.  මෙය  පය බරවායට  පිටිකර  බෙහෙත්  බැන්දා   හා  සමානවූ  ක්‍රියාවකි.1552378320438_DSC_0964

DSC_0966එසේම  මෙකී  මෙන්ඩිස්  මාවතට  ඇතුළුවන  තැනම  කානුව  අයිනෙන්  වලක්  හෑරී  වාහන  තදබදයක්  ඇති  අවස්ථා වලදී  මෙම  ස්ථානයෙන්  ගමන්  කිරීමේ   අපහසුතාවයක්  මතුවේ.  මෙම  වලද  කුඩාවට  තිබී  විශාල වූ  එකකි. මෙය  තවදුරටත්  විශාල  වීමේ  ඉඩකඩක්  නිර්මාණය  විය  හැක.   විශාල  ජනතාවක්  මේ  මාර්ගයේ  එහාමෙහා  යන එන  බැවින්  ,  මෙම  ස්ථානය  ගැන   අවධානය  දී  යම්  විසඳුමක්  ඉක්මනින්  ලබාදීම  අදාල  බලධාරීන්ගේ  යුතුකමක්  සහ  වගකීමක්   වනු  ඇත.