තෙප්පම් ඇන්ටනිගේ පාට් ටයිම් ⁣ජොබ් එක…

0
543

පිටිපන පැත්තේ තෙප්පම් ඇන්ටනි කිව්වම නොදන්න කෙනෙක් නැ.ඇන්ටනි කොයි ජොබ් එකත් ඔට්ටුයි.තෙප්පම් ,පොඩි බෝට්ටු විතරක් නෙමෙයි ලොකු බෝට්ටු රස්සාවත් හුරුයි.

මුහුදේ වලාල කාලය ඉවර වෙලා වාරකන් පටන් ගත්තම ඇන්ටනිට තවත් පාට් ටයිම් ජොබ් එකක් තියෙනව.

wp 17135092335584580852053450958432

ඒ තමයි ලෙල්ලම ලඟ විසිදැල් ගහන එක.මාලු කපල දාන කෑලි කන්න මාළු ඒ අවට කැරකෙනව.විසිදැල අරන් එන ඇන්ටනි දැල්පාඩු දෙකක් ගැහැව්ව නම් ඕරාවෝ ලීල් පෙත්තෝ  ඇති තරම් අල්ලගන්න පුලුවන්.

wp 17135091540192697699798109635590

අලුත් මාලු හින්ද විකුණගන්න එකත් ලේසිය.අද එක විසිදැල් පාඩුවට රු1500ක විතර ඕර පැටව් වැටුන කියල තමයි ඇන්ටනි කියන්නේ.

වාරකන් තියෙනකම් ඇන්ටනි උදේට ලේලලම  ලගට ඇවිත් විසිදැල් ගහන පාට් ටයිම් ජොබ් එක කරනව.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here