තෙප්පම් ධිවරයන්ට යුක්තිය ඉටුකර දෙන්න ඇමතිට හැකිවෙයිද ?

0
199

මීගමුවේ තෙප්පම් ධිවරයෝ කියන්න දැන් ඉන්න අසරණම පාරම්පරික ධිවරයෝ පිරිසක් . මේ අයට ඇත්තට  කරන්න පුලුවන් වෙන්නේ මාස 6 ක් විතරයි . ඒ කියන්නේ මුහුද සැර නැති වලාල කාලෙට .
වැඩේ කියන්නේ මේ කාලේවත් මේ අයට රස්සාව කරන්න බැරි වෙන තැනට වැඩ කටයුතු යෙදිලා තියෙන්නේ මෝටර් බෝට්ටු අරන් මුහුද කොටුකරල මාලු අල්ලන රාස්සයෝ පිරිසක් හින්ද . මෙයාලගෙන් වැඩි දෙනෙක් පළගතුරේ පැත්තේ කුඩා බෝට්ටු ධිවරයො මේ මුහුදු කාබාසිනියා කරන පිරිසව පාලනය කරන්නේ මිගමුවේ ධිවර කාර්යාලයෝ මොකාටවත් බැරිවෙලා තියෙනවා .
මේ විනාශකාරි පන්න ක්‍රමයක් නවත්තල තෙප්පම් රස්සාකරයන්ව ආරක්ෂා කරගන්න මේ නිලධාරින් ටික කෙලින් කටයුතු කළා නම් හරි . කොහෙද එයාල මේ විනාශකාරයන්ව තියන් නලවනව .
ඉතින් මේ හින්ද දැන් දශක ගාණක් තිස්සේ තෙප්පම් ධිවරයා අමාරුවේ .

පහුගිය දවසක ඇමති එකපාරටම ආවා . තෙප්පම් රස්සාකාරයෝ එයාලගේ අයිතිවාසිකම් ගැනයි දුක් ගැනවිලි ගැනයි කිව්ව . නිලධාරිනුත් හිටියා. අපි දැන් බලන් ඉන්නේ මේ නිළධාරින් ට ඊලග සැරේ ඇමති එන්න කලින් මේ කථාවෙව්ච එක දෙයක් හරි කරල තියෙයිද කියලයි .

හැබැයි ජනාධිපති නම් යන යන තැන වගකිමක් නැතිව බයිල ගහන ඈයොන්ට බඩ කට පිරෙන්නම දෙනවා . නියමයි .