තෙප්පම් ධිවරයා අසරණයි ! රජයත් අහක බලයි !

0
300

රට මුහුණු දි ඇති බරපතල ව්‍යවසකාරි තත්වය හමුවේ සමස්ථයක් ලෙසම රටපුරාම ධිවර ප්‍රජාව දැවැන්ත අර්බුදයකට මුහුණ දි සිටියහ.
.ඒ මාළු ඇල්ලිමට සහ ප්‍රවාහනයට අවසර ලැබුනද ඒවා මිළට ගැනිමට පාරිහෝගිකයන් ට පැමිණිමට නොහැකි වි තිබෙන නිසාය.
මේ පසුගිම මිගමුව තුල මේ වන විට තෙප්පම් රැකියා කරුවන් බරපතල අසරණ තත්වයකට මුහුණ පා සිටිති.
තතු එසේව තිබියදි මේ වන විට ගිණිගත් නැව හේතුකොට ගෙන වැඩියෙන්ම පිඩාවට පත් පිරිස බවට මේ තෙප්පම් ධිවරයන් පත්ව තිබේ.
රැකියාවට යාමට ඇති සිමාවන් පමණක් නොව තවත් ගැටළු ගණනාවකට ඔවුන් මුහුණ දි සිටිති.
එහෙත් රජය විසින් ලබාදුන් එකම එකම රු 5000 ක් ඇරෙන්න කිසිදු සහනයක් මේ වන විට මේ අයට ලැබි නැතැයි ඔවුන් පවසා සිටිති