කොටුදැල් නම් වු අනික් පන්න ක්රමය තහනම්කරගැනිම මේ දිනවල තෙප්පම් ධීවරයෝ අරගලයක නිරතව සිටිති. මේ ගැන මිපුර වෙබ් අඩවියට විශේෂ ප්රකාශයක් කරමින් තෙප්පම් ධීවරයෝ කියා සිටින්නේ වෙරළේ සිට කි.මි 2දක්වා රැකියාව කිරිමේ අයිතිය යාන්ත්රික නොවන රැකියාකරුවන්ට පමණක් වෙනුවෙන් යැයි දැනට ඇති ගැසට් නිවෙිදනය ක්රියාත්මක කරමින තම අයිතිය තහවුරු කිරිමට බලධාරින් පියවර ගත යුතු බවය.
එහෙත් අවසනාව වන්නේ සැම වසරකම තෙප්පම් රැකියාකරුවන්කොටුදැල් ප්රශ්ණයට මුහුණ දිමට සිදුව තිබිමයි. ධිවර බලධාරින් කොයිතරම් නම් පොරොන්දු වුවද එය දැනට දශකයකටත් වඩා වැඩි කාලයක් වාර්ෂිකව ක්රියාත්මක වෙමින් තිබේ.