තෙප්පම් රැකියාව අනතුරේ හෙලු පෝඩු දැල තහනම් වන ලකුණු ?

0
440

තෙප්පම් meril-

පෝඩු දැල් ක්‍රමය යනු කුඩා යාන්ත්‍රික බෝට්ටු උපයෝගිකරගෙන වෙරළ තිරයෙන් මිටර් 500 ක් පමණ දුරකින් සිදුකරනු ලබන රැකියා ක්‍රමයකි.
මාළු කැටයක් දුටු විගස ඒ වටේම ක්ෂණයකින් දැල වටකරනු ලබන අතර ඉන්පසු අශ්ව බල 40 ක් ඉන්ජිමක් සහිත බෝට්ටුව වේගයෙන් වටකැරකෙමින් මාළු රෑන දැලට කොටු කරගැනිම සදහා ක්‍රියාත්මක වේ.
මේ හේතුව නිසා මුහුදු පතුල කැළඹි මාළු පෝඩු දැලේ ඇති මඩියේ හිරවෙති.
මේ ආකාරයෙන් එක්වරක විශාල කිලෝ ප්‍රමාණයක් අල්ලා ගැනිමට මේ දැල් පන්න ක්‍රමය ක්‍රියාත්මක කරන ධිවරයන් හට හැකියාව ලැබෙනු ඇත.
මේ රැකියාව සදහා කුඩා යාන්ත්‍රික බෝට්ටුවක 4 දෙනෙකු යති.
මේහි ඇති විනාශකාරි ක්‍රමය නිසා පසුගිය කාලයේ  නාවික හමුදාව පොලිසියද එක්ව තින්දු ගනු ලැබුවේ මුහුදේ මේ රැකියාව කරනු ලබන අය දුටු විගස අත්අඩංගුවට ගැනිම සදහා නාවික හමුදාව වහා පියවර ගන්නා බව කියමිනි.
මේ අවස්ථාව සදහා පෝඩු දැල් ක්‍රමය හේතුවෙන් පිඩාවට පත්වන ධිවරයන්ගේ සමිති වල ප්‍රධානින් මෙන්ම ප්‍රදේශයේ පියතුමන්ලාද පැමිණ සිටියහ.
තතු එසේවුවද පෝඩු දැල් රැකියාකරුවන් මේ තින්දුව පයිසයකට ගනන් නොගනිමින් දිගටම රැකියාව කරති.
ධීවරය බලධාරින්ද නිහඩ සිටියෝය.
රැකියාවේ යෙදෙන සාම්ප්‍රදායික රැකියා කරුවන්ගේ ජිවනෝපායට වින කරන මේ විනාශකාරි පන්න ක්‍රමය නවතා ලන්නට ධීවරය කාර්යාලය ක්‍රියාත්මක නොවන්නේ නම් සිදුවනු ඇත්තේ මේ කලාපයේ රැකියාකරුවන් අතර සාමය බිදවැටෙන තත්වයක් පසුගිය කාලයේ විය

කෙසේ වෙතත් මේ ප්‍රශ්ණය දැන් විසදෙන්නට ලකුණු ඇති බවක් පෙනේ.
මීගමුවේ සුළු ධීවර ජනතාව තහනම් දැල් නිසා නිතර අපහසුතාවට පත්වූ බව පසුගිය කාලය තුළ ඔවුන් ලැබූ අත්දැකීම් අනුව පැහැදිළිවේ. මුහුදේ නිතර ගැටුම් ඇතිවිය. අවස්ථා කිහිපයකදී මෙම තහනම් දැල් තෙප්පම් ධීවරයින් විසින් රැගෙන විත් බලධාරීන් වෙත යොමු කරමින් ඒසඳහා නඩු මගට බැස කටයුතු කරන ලදී .
මේ පිළිබඳව සහකාර ධීවර අධ්‍යක්ෂක බණ්ඩාර මහතා පසුගිය දිනක ප්‍රකාශ කළේ මේවනවිට එම පෝඩු දැල් ප්‍රශ්ණය විසඳී ඇති බවයි .මේගැන විමසා බැලීම සඳහා අප ඊයේ ( 18 ) ප්‍රාදේශීය ධීවර අධ්‍යක්ෂක මාරසිංහ මහතා මුණගැසුණෙමු. එහිදී ඔහු පලකළේ මෙවන් අදහසකි .
” මේක තහනම් දැලක්. තහනම් කළ යුතුයි . මේ රස්සාව කරන අයට කියල තියෙන්නෙ කි. මී. 6,7 කට එහායින් රස්සාව කරන්න කියලයි. මොකද මේ දැල් අසීමිතව දැමීම නිසා තමයි ප්‍රශ්ණ ඇතිවෙල තියෙන්නෙ . නඩුවකුත් ගියා. මේකට බලපත්‍ර දෙන්නෙත් නෑ . නමුත් වටකරන දැලක් ලෙස මේක පරීක්ෂණ මට්ටමක තියෙන්නෙ .”
මීලඟට මෙම තහනම් දැල නිසා දිගු කලක් තිස්සේ පීඩාවට ලක්ව සිටින තෙප්පම් ධීවරයින් සමඟද කරුණු විමසා කතාබහක යෙදුනෙමු. එහිදී ඔවුන් ප්‍රකාශකළේ මෙවැනි අදහසකි .

“මේ දැල් පීස් දෙකක් ඩබල් කරල බඹ 12 ක් දිගට අරගෙන නවල තමයි මේ රස්සාව ඒ ගොල්ලො කරන්නෙ . එක බෝට්ටුවකින් අපි 25ක් අල්ලන මාළු ඒ එක බෝට්ටුවකින් අල්ලනව. ඒ වගේ බෝට්ටු 20 ක් විතර එනව එක පාරකට. ඒ නිසා සුළු ධීවරයින්ට මේක හානියක් .අවුරුදු 3 ක විතර ඉඳල සාලය, සූඩය ගොඩ මුහුදේ හිඟයි. මේ අය මාළු සේරම හූරකාල තියෙන්නෙ .”

මේ පෝඩු දැල් මේවනවිට නතර කළ බව ධීවර නිලධාරි මහත්වරු කීවද සුළු ධීවරයින් ප්‍රකාශ කරන්නෙ දැනට නතරවී ඇති නමුත් ඉදිරියේදී නැවත ආරම්භ කරාවිදැයි නොදන්නා බවයි . එබැවින් මේ පිළිබඳව තමන් අවධානයෙන් සිටින බව තෙප්පම් ධීවරයින් අප සමඟ පැවසීය .