තෙමසකට පසු පළාත්සභා මන්ත්‍රි රොයිස් විජිත අද උසාවියට

0
35

මීගමුවේ ජුවෙල් ලංකා ආයතනයේ  මංකොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ පෑලියගොඩ තෙමසක් රදවාගෙන සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා අද දින මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්ථා වේ.
තෙමසක රැදවුම් කාලය තුල මේ මංකොල්ලයට අදාලව කිසිදු වැදගත් සාක්ෂියක් සපයා ගැනිමට මෙහි පරික්ෂණ සිදුකරන මීගමුව පොලිසියට නොහැකි වි ඇත.
මෙම කොල්ලයේ මුදල් රැගෙන පිට රට පැන ඇති ඇපල් රුවන් ඉන්නා තැන නිශ්චිත ලෙසින්ම දන්නා බව මීගමුව පොලිස් අධිකාරිවරයා පවසා දැනට මසක් පමණ ඉක්මවා ගොස් සිටියද ඇපල් රුවන් අත්අඩංගුවට ගෙන නොමැත.