තෙල්වත්ත හංදියේ ⁣ෂෙඩ් එකේ පොලිස් පෝලිම?

0
308
wp 1653223023352
IMG 20220522 WA0072
wp 1653222720879

තෙල්වත්ත හංදියේ සමුපකාර ඉන්ධන පිරවුම් හ⁣ලේදි පොලිසිය විසින් සිය නිල ඇදුම අවභාවිතා කරමින් කටයුතු කිරිම මේ වන විට සමස්ත රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම ජනතාවගේද පිළිකුලට ලක්වෙමින් තිබේ.

සමුපකාර පාලනාධිකාරිය වහා මේ සම්බන්ධයෙන් නිසි පියවර නොගන්නේ නම් ඔවුන්ට කිසිසේත්ම මේ චෝදනාවෙන් ගැලවිමට ඉඩක් ලැබෙන්නේ නැත.

අත්‍යවශ්‍ය සේවා සඳහා යැයි කියමින් පෝලිමක් වෙන්ව තිබේ.එහි සිටින්නේ රාජ්‍ය සේවකයන්ය.සකලාකාර වෘත්තිකයන් පැමිණිය යුත්තේ ඒ පෝලිම තුලිනි

තතු⁣ එසේව තිබියදි පොලිසියේ සියලුම අයවලුන් පෝලිම් පැන කිසිදු ලැජ්ජාවකින් තොරව තෙල් ලබා ගනිති.

අපට අසන්නට ඇත්තේ පොලිසියට ඇයි අත්‍යාවශ්‍ය සේවා පෝලිමේ පැමිණ තෙල් ලබාගත නොහැක්කේ යැයි කියාය.

ජිවිත බේරා ගැනිමට නිබද වෙහෙසන රෝහල් කාර්ය මණ්ඩලවලට ප්‍රමුඛත්වය නොදෙන තෙල්වත්තේ ඉන්ධන පිරවුම් හලේ පාලනාධිකාරිය පොලිසියට බය ඇයි ?ඒ අයට විශේෂත්වයක් දෙන්නේ ඇයි ?.

හෙට සිට ⁣යළිත් මෙි පොලිස් පොලිම් සෙල්ලම ක්‍රියාත්මක කෙරෙන්නේ නම් ඉතා පැහැදිලි ලෙස සියලූ රාජ්‍ය සේවකයන් මෙන්ම පොලිම්වල සිටින ජනයාද ඊට එක හෙළා එරෙහි විය යුතුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here