තෙල්වත්ත හන්දියේදී ඇල්ලූ කේරල ගංඡා මීගමුවට ගෙනාවේ කාට දෙන්ඩද?

0
249

Image7මිගමුව තෙල්වත්ත හංදියේදී කේරළ ගංජා කිලෝ 403  ප්‍රවාහනය කරමින් සිටියදී  සැකකරුවෙකු  සමග සුඛෝපබෝගී වෑන් රථයක් විශේෂ කාර්යය බලකා නිළධාරින් විසින් මාර්තු මස  03වනදා  අත් අඩංගුවට ගන්නා ලදී.නාවික හමුදා බුද්ධි අංශයේ නිළධාරින්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම කළ අවස්ථාවේදී  මෙම කේරළ ගංජා තොගය  යාපනය නාගදීප ප්‍රදේයේ සිට කොළඹ දෙසට රැගෙන යමින් සිටියේය.    රථය සමග  සැකකරු අත් අඩංගුවට ගෙන  ඉදිරි නීතිමය කටයුතු හා විමර්ශන කටයුතු කිරිම සඳහා මිගමුව පොලීසියට  බාරදී ඇති අතර  මේ වනවිට මෙම සැකකරුව ප්‍රශ්න කිරීම සඳහා  රදවා ගැනීමේ නියෝග මත රදවාගෙන සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ තරම් විශාල ගංඡා ප්‍රමාණයක් යාපනයේ නාගදීපයේ සිට මීගමුව දක්වා ප්‍රවාහනය කිරීමට හැකිවූයේ කෙසේද යන්න ප්‍රහේලිකාවකි.
යාපනයේ සිට  මීගමුව දක්වා ඇති එකදු ආරක්ෂක මුර පොළක පරීක්ෂාවකින් තොරව  මෙම ගංජා කිලෝ 403 ප්‍රවාහනය කිරීමට හැකිවීම  සැකයට තුඩුදෙන කාරණයක් වන අතර මෙම ගංජා තොගය ගෙන ආවේ මීගමුවට දැයි ද සැකයක් මතුවේ.
අත් අඩංගුවට ගෙන ඇත්තේ  අංක 50 රණවිර පාර ජාඇල පදිංචි සහබන්දූ මොහන්දිරම්ලාගේ උයද කුමාර 51 හැවරදි පුද්ගලයෙකුය.
කතෝලික සභාවේ මුලිකත්්වයෙන් පැවැති මත්කුඩු විරෝධි රැළියේදිද කාර්දිනල් හිමි මීගමුවේ සිදුකෙරෙන කේරල ගංජා ජාවාරම ගැන සදහන් කර තිබුණි.
එමෙන්ම උන්වහන්සේ කියා  තිබුනේ පොලිසියේ මෙන්ම විශේෂ කාර්ය බලකාය වැනි අදාල සියළු ආරක්ෂක අංශයවලට සහයෝගයෙන් කෙසේ හෝ මිගමුවේ සිදුකෙරෙන මෙම ජාවාරම නවතා ලිය යුුතු බවය.
මේ අතර මීගමුවේ දේශපාලකයෙකුගේ නමද කේරල ගංජා ජාවාරමට ගැවි ඇති බව අවස්ථා ගණනාවකදිම අප විසින් මතුකොට තිබුණි.
එපමණක් නොව එය අද මීගමුවේ ප්‍රසිද්ධ රහසක්ද බවටද පත්ව තිබේ.