තෙල් කාන්දුවකින් කලපුව බේරාගැනිමට සියල්ල සුදානම් ….

0
69

ගිලෙන නැවෙන් ඇතිවිය හැකි තෙල්කාන්දුවක් හේතුවෙන් මිගමුව කලපුවට විය හැකි හානිය වලක්වා ගැනිම සදහා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව , නාවික හමුදාව සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය එක්ව කල් ඇතිවම කටයුතු කරමින් කොතලාවල පාලමට යටින් මෙන්ම මංකුලිය පාලමට යටින්ද ඔයිල් බූම් ( ආරක්ෂිත දැලක් ) එමෙන්ම මෝය කට හරහාද යෙදිම නිසා කලපුව තුල තෙල්කාන්දුවක් ඇතිවිටම තිබෙන ඉඩකඩ අවම වි තිබේ.

මෙසේ ස්ථාපිත කරන ලද ආරක්ෂිත දැල් වලින් කොතලාවල පාලමට යටින් එලා තිබුන දැල බෝට්ටු ගමනා ගමනය සදහා තාවකාලිකව ඉවත් කර තිබුන අතර මංකුලිය පාලමට යටින් ඇති ආරක්ෂිත දැලේ කොටසක් විවෘත කර තබා තිබුනේ බෝට්ටු ගමනාගමනය පහසුකරනු පිණිස බව අප කළ විමසුමකදි අදාල බළධාරින් පවසා සිටියහ.

දින ගණනාවක් පුරා මහත් වෙහෙසක් ගනිමින් සිදුකරන්නට යෙදුන මේ උත්සාහය ගැන මිපුර වෙබ් අඩවියට අදහස් දැක්වු සමාජ දේශපාලන ක්‍රියකාරිිකයෙකු වන නාමල් ප්‍රනාන්දු කියා සිටියේ තමන් පුද්ගලිකව මේ ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනිමට අදාල කටයුතු කළ ඒ කණ්ඩායම හමුවි පුද්ගලිකව ස්තුතිය පළකරන ලද බවය.
ඒ මන්දයත් කලපුව ගැන බොහෝ දෙනෙකු විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින පසුබිම මේ පිරිස මහත් පරිස්‍රමයක් යොදමින් මේ ආරක්ෂිත දැල් මගින් තෙල්කාන්දුව වැලැක්විමට කටයුතු යොදා තිබිම නිසාය