තෙල් ,ගෑස් මිළ දන්නේවත් නැති කැබිනට් ඇමතිලා ….

0
263

අමාත්‍යවරයකු රටේ ඉන්ධන මිල නොදැන සිටීම ලැජ්ජා විය යුතු කරුණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා තිබුණි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා ඇත.

මෙයට හේතුව වී තිබුනේ ඊයේ දිනයේ පෞද්ගලික නාලිකාවක විකාශය වූ දේශපාලන වැඩසටහනකට එක්වූ අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ වන විට ඩීසල් මිල, පෙට්‍රල් මිල හෝ ගෑස් මිල නොදැන සිටීමයි.

කැබිනට් අමාත්‍යවරයකු ජනතා සංවේදී භාණ්ඩ වල මිල නොදැන සිටීම ඉතාමත් කණගාටුදායක කරුණක් වන බවත් එය ලජ්ජා විය යුතු හේතුවක් බවත් ඩලස් අලහප්පෙරුම මහතා කියා ඇත.

ජනතාව අතේ ඇති සල්ලි ගාන ගනිමින්, ආණ්ඩුවට බනමින් අතේ ජිවත් වන්නට අරගලයක් කරමින් සිටියදි රට වල පල්ලට යැවු මේ රටේ පාලකයන්ගේ තරම කදිමට පෙනේ.