තෙල් මිළට හා මුහුදේ වැලි හෑරිල්ලට එරෙහිව මිගමුවේ ධිවරයන්ගේ විරෝධය ..

0
530

wp 1670743046885wp 1670743046915තෙල්මිළ සහ මුහුදේ වැලි හෑරිල්ලට එරෙහිව අද පෙරුවරුවේ මිගමුව කොතලාවල පාලම යට බෝට්ටු මත නැගි මිගමු ධිවරයෝ විරෝධතාවයක නියැලි සිටියහ.

පාර හරස් කොට විරෝධතා දැක්විමේදි මහජනයා සිදුවන අපහසුව පවා වලකාලමින් ඔවුන් කලපුවේ සිට විරෝධය පළකරන බව කියා සිටියහ.

මිට පෙර වරාය නගරය සදහා මුහුදෙන් වැලි හැරිමට එරෙහිවද දැවැන්ත විරෝධතා උපවාස මිගමුවේ පැවැත්වුණි.

කෙසේ වෙතත් එමගින් ධිවරයන්ට සිදුවන හානියට වන්දියක් ලෙසින් මීගමුවේ බොහෝ ධිවර සංවිධානවලට විශාල මුදලක් වරාය නගර ව්‍යාපෘතිය විසින් ලබා තිබුණි.

වරාය නගරය වැලි හැරි’ම නිසා මේ වන බටහිර වයඹ මුහුදු තිරයේ ජනයා දැඩි අපහසුතා වලට මුහුණ දි සිටිති. මුහුද ඛාදනය හේතුවෙන් ඇතමුන්ට සිය වාසස්ථාන පාවා අහිමි විය.

මේ අතර වැලි හෑරිල්ලට ප්‍රතිපත්ති මුලික විරෝධයකට නොගොස් පල්ලිය මෙන්ම බහුතරයක්  ධිවර සංවිධානද රජයේ ඇතැම් ගැටවලට අසුවු බවට චෝදනාවක්ද පවති.wp 1670743046905

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here