තෙල් මිළ අඩුකරන ලෙස ඉල්ලා මීගමු ධිවරයෝ උපවාසයක !

0
67

ධිවර උපවාසය 1(11.30 am )රජය විසින් මෑතකදි සිදුකරන ලද ඉන්ධන මිළ සංශෝධනයට අනුව භුමිතෙල් මිළ ඉහල දැමිමට එරෙහිව මීගමුවේ ධිවරයෝ උපවාසයක් ආරම්භ කර තිබේ.
වැල්ලවිදිය ශා.සෙබස්තියන් දෙව්මැදුරේ ප්‍රධාන පිවිසුම් දොරටුව අභියස සිට මෙය දැන් ක්‍රියාත්මකය.
සහනාධාර නොව පැරණි මිළටම ඉන්ධන ලබාදෙනු යන්න මේ අයගේ ප්‍රධාන සටන් පාඨයයි.
මේ සම්බන්ධයෙන් පසුගිය දිනක මීගමුව මහනගර සභාවට ධිවරයන්වද කැදවා පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා විසින් පවත්තවන්නට යෙදුන පුවත්පත් සාකච්ජාවකදි කියා සිටියේ භුමිතෙල් මිළ රජය අඩුනොකරන්නේ නම් ධිවරයන්ව පාරට බස්සවන බවය.
මේ අතර ධිවර නියෝජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ හෙට සිට භුමිතෙල් මිළ අඩුකිරිමට රජය පියවර ගන්නා බවය.
ඒ ලිටර්යක් රු 25 ක් වැනි මුදලකින් බවද එහි සදහන්ය.

2012 වසරෙදි මීගමුව ධිවරයන් පාරට පැමිණි විරෝධය පළකරද්දි ඒ අයට පහර දිමට ඉදිරියට පැන්න නිමල් ලංසා .සරත් ගුණරත්නද පසෙකින් සිටි.

පසුගිය රාජපක්ෂ සමයේ ධිවරයන් විසින් තෙල් මිළ අඩුකරන ලෙස ඉල්ලා සිදුකරන ලද උද්ඝෝෂණයේදි හලාවත ධිවරයන් වෙඩි තබා ඝාතනය කළ රාජපක්ෂ රෙජිමයේ දේශපාලන නියෝජිතයන්ද මෙම භුමිතෙල් අරගලයට දැන් එක්වද සිටි.
එදා මීගමුවේ ධිවරයන් මහපාරේ අරගල කරද්දි ධිවරයන් එරෙහිව බැනවැදි පහර දෙන්නට ගිය නිමල් ලංසා අද මීගමුව භුමිතෙල් අරගලය පිටුපස සිටින ප්‍රධානියා බවට පත්විමද තවත් විශේෂයකි.