තේ එකක් බිමට පාරිහෝගිකයාට ඇති අයිතියට වැටබදින මීගමුවේ හෝටල් ?

0
73

Nayomi tea issueඅද බොහොමයක් නගරවල තේ හැදිම මැෂින්කරණයට ලක්ව ඇත.විශේෂයෙන්ම නවින පන්නයට සැකසෙමින් ඇති ආපන ශාල බෙහොයමක ඇත්තේ මේ මැෂින් කිරි තේය.
මේ අනුව යමින් මීගමුව නගරයේද ප්‍රධාන පෙලේ ආපන ශාලා දැන් මැෂින්කරණයට ලක්ව ඇත.
මේ හේතුව නිසා තේ එකක් හෝ කහට එකක් බිමට පාරිහෝගිකයාට ඇති අයිතිය දැන් මීගමුව නගරයෙන්ද ක්‍රමයෙන් පහව යමින් තිබේ.සෞඛ්‍යමය හේතුන් නිසා හෝ කැමැත්ත මත හෝ සීනි නැති තේ එකක් බිමට දැන් මීගමුවේදි පාරිහෝගිකයෙකුට ඇත්තේ ඉතාමත් සිමිත අවස්ථා ගණනකි.තේ පිළිබදව තතු එසේ වන කළ අද මීගමුව තුල ක්‍රියාත්මක මැෂින් කිරිතේකරණය පවා ගුණත්වයයෙන් අන්තයටම පිරිහුණු තත්වයකට යමින් තිබේ.
. දැනට මෙසේ මැෂින් තේ කර්මාන්තයේ නියැලෙන ප්‍රධාන සමාගම් කීපයක්  වෙයි. එනම් . මෙයට අමතරව මේ මැෂින් සදහා අවශ්‍ය පිටි පැකට් පමණක් සපයන සැපයුම් කරුවන්ද වෙති.

කෙසේ වෙතත් මේ සියල්ල බලන්නේ තමන්ගේ ලාභය වැඩිකරගැනිමටය. එහෙත් කනගාටුව වන්නේ එය වැටී ඇත්තේ තේ බොන පාරිභෝගිකයාට ප්‍රමිතියක් සහිත තේ එකක් බිමට ඇති අයිතිය උදුරා ගැනිම හරහාය.

සමාන්‍යයෙන් මැෂින් සපයා ඇති ප්‍රධාන සමාගම් පවසන්නේ මේ එක් තේ එකක් සදහා ග්‍රැම් 16 ක් පිටි අඩංගු කළ යුතු බවය.එහෙත් මෙය බොහෝ තැන්වලදි එය ක්‍රියාත්මක  නොවේ.තතු මෙසේ වුවද මේවායේ ගුණත්වය ගැන විමර්ශනයක යෙදෙන්නට කිසිදු ආයතනයක් ක්‍රියාත්මක නැත.