තේ කෝප්පයක රහ කලපුවේ සුන්දරත්වයත් සමඟින් විඳගන්න එන්න අපේ නිවහනට..

0
513

sujithphoto 4(1)අපි කව්ද අකමැති ලස්සන සුන්දර පරිසරයක  නිවි හැනහිල්ලේ ටික වේලාවක් ගත කරන්න.
ඒත් කෝ එහෙම තැන් ….?
තිබුනත් හැමෝටම බය නැතිව ඒවට යන්න පුලවන්ද?
මොකද එතන ලොකු ගාණක් අයකරන තැනක් වෙන්න ඇති කියල අපි එතනට ගොඩවදින්න තියෙන ආසාවට අකමැත්තෙන් වුනත් තිතක් තියාගන්නවා.
ඒත් කටුනායක පැත්තේ අතිසුන්දර කලපු පරිසරයක දැන් එහෙම තැනක් විවෘත වෙලා……
කලපුව ලගට පේන දියකිදුරියකගේ රුපෙත් බල බල තේ ටිකක් බොන්න දැන් එතනදි පුළුවන්.
උදේ 8 ඉදන් රැ 10 වෙනකම් එතන ඔබට විවෘතයි.ඔබගේ අනාගතයට වැදගත් වෙන තවත් බොහෝ දේ ගැන විස්තරත් එතනදි ඔබට ඇහැගැටෙනවා..
පවුලේ අයට එකට ඇවිත් සුන්දරත්වය විදින්න කදිම තැනක්.
කලපුවේ බෝට්ටු සාවාරියක් වුනත් යන්න පුලුවන්.
පරිසරයේ සුන්දරත්වය විදිනවාට කිසිම අයකිරිම් නැ.
බලන්නකෝ Menu එක . එතකොට ඔයාලටම තේරෙයි…
මේක තියෙන්නේ මීගමුවේ ඉදන් කටුනායක පැත්තට එනකොට ගේට්වේ ජාත්‍යන්තර පාසැල පහුකරල මිටර් 400 ක් විතර යනකොට කලපුව පැත්තේ..
මාබිම කියල ලොකුවට ගහල තියෙන බෝඩ් එක ලග නවතින්න.
එන්න
ගොඩවදින්න.