තෛපොංගල් ,උතුර සහ දකුණෙ කලාකරුවෝ ?

0
209

( 10.00 am )තෛපොංගල් රාජ්‍ය උත්සවය අද දින යාපනයේදී උත්සවාකාරයෙන් සිදුවිය.සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය Hiniduma Sunil Senevi ගේ මූලිකත්වයෙන් විචිත්‍රවත් වූ තෛපොංගල් උත්සවය හින්දු භක්තිකයන්ගේ ජනවාරී මාසයේ අලුතෙන් නැගෙන ඉර සමඟ සෞභාග්‍යය උතුරා යන විශ්වසය මූලික කරගෙන සිදුවන සංස්කෘතික ක්‍රියාවක්.දකුණේ කලාකරුවන් සමඟ උතුරේ කලාකරුවන් ආදරය බෙදාගන්න කෝච්චියෙන් යාපනය බලා ගියේ අලුත් බලාපොරොත්තු සමඟ.මොකක් හෝ හේතුවක් උඩ අප දෙගොල්ල ඈත් වී සිටියත් අලුත් දේශපාලනික මැදිහත්වීම ඇතුළෙ මේ share කරගන්න ජීවිතය හැමදාටම ඉතුරුකරගනිමු.”කලාකාරයෙක් වෙන්න ඉස්සෙල්ල මනුස්සයෙක් වෙන්න ඕන” කියන එක හැමදාම විශ්වාස කරන මා ඒ වෙනුවෙන් හැමදාම පෙනී ඉන්නවා.

ඉහත සටහන උපුටා ගන්නා ලද්දේ ප්‍රගිත් රත්නායකගේ ෆේස්බුක් පිටුවෙනි.FB IMG 1737254883760

යාපනය සංචාරය ඔහු තුල සුබදායි   බලාපොරොත්තු රැසක් ජනිත කරඇති බව එම සටහන තුල අන්තර්ගතය.

ඒ ගමනට එක්වු බොහෝ දෙනෙකුටද මේ හා සමාන හැඟිම් ,අදහස් ඇතිවාට සැක නැත.

ගැටළුව ඇත්තේ උතුරේ ජනයා එදා සිට අද දක්වාත් හෙටත් නිරන්තරයෙන්ම මුහුණ දෙන මුලික අයිතින් පිළිබඳ ගැටලු වලදි මෙදා දකුණේ සිට උතුරට  ගිය කලාකරුවන්ගෙන් කී දෙනෙක් ප්‍රතිපත්ති මුලිකවම දමිල ජන අයිතින් සහ දමිල ජන අභිලාෂයන් වෙනුවෙන් පෙනි සිට ඇත්තේද යන කරුණයි.

දුම්රියෙන් යාපනයට ගොස් රාජ්‍ය තෛපොංගල් උත්සවයට සහභාගි විම එකකි.දමිළ ජනයා ඉතිහාසය පුරා විඳි දුක් පිලිබදව අවංකව සංවේදි බවක් සහිතව නිරන්තරයෙන්ම කටයුතු කළ සංස්කෘතිකයකට  හිමිකම් කීම තවත් එකකි. උතුරට දකුණෙන් සංස්කෘතික චාරිකාවක  නියැලුන මේ පිරිසෙන්  කී දෙනෙකු දමිළ ජනයා විඳි පිඩාවන් ගැන දැනුවත්ව සිටියේද ?
FB IMG 1737254903949

කලාකරුවන්ද, මාධ්‍යවේදීන් ඇතළු දහස් ගණනකගේ  ජිවිත බිලිගත් යුද්ධයට එරෙහි වුවන්  සහ මේ ඝාතනවල යුක්තිය ඉටුකිරිමට අදාලව කරනු ලබන අරගලයට යම් තරමකින් හෝ දායක අය මේ සංස්කෘතික චාරිකාව තුල කී දෙනෙකු පමණ සිටියේද ?

රත්න ශ්‍රි උතුරු දකුණ සංහිදියාව ගැන ගී රචනා කර ඇත.ඒවා වැදගත්ය.එහෙත් ඒ ගී ලියු රත්න ශ්‍රි අංශක 180කින් රාජපක්ෂලාගේ පැත්තට හැරි  කටයුතු කළ ඉතිහාසයද , ලියු කව් ගී ගැන මේ ගිය පිරිසට යම් හෝ සවිඥානක බවක් තිබුනේද?FB IMG 1737254900676

රත්න ශ්‍රීට වඩා ධර්මසිරි බණ්ඩාරනායක සංහිඳියාවට වඩා සමිප වන්නේ එබැවිනි.

උතුරේ ජනයාව ම්ලේච්ඡ ලෙසින් ඝාතනය කරමින් ඔවුන්⁣ගේ දේපල පවා සොරා කමින් හමුදාවේ බහුතරයක් දෙනා එදා කටයුතු කර තිබුණි.FB IMG 1737254860252

මේ අයට එරෙහිව ජාතික ජන බලවේගය ක්‍රියා කිරිමට සුදානම්ද?

එ පිළිබඳව ජාතික ජන බලවේගයට බලපෑම් කිරිමට ප්‍රගීත්ලා ඇතුළු උතුරට ගිය කලාකරුවන් සුදානම්ද?

එසේ නම් මේ ගැම්මෙන්ම දකුනේදි රැස්ව  දමිළ ජන අයිතින් සහ දමිළ ජන අභිලාෂයන් වෙනුවෙන් පෙනි සිටිමට සුදානම් ද ?

අප දෑස් දල්වා ඒ දෙස බලා සිටින්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here